×

බෙල්ජියමට එරෙහිව මොරොක්කෝව ලැබූ පාපන්දු තරඟ ජය බ්‍රසල්ස් හි කෝලාහල ඇති කරයි

මෙම ජයග්‍රහණය බෙල්ජියමට එරෙහිව 1998 වසරෙන් පසු මොරොක්කෝව ලෝක කුසලානයක ලැබූ පළමු ජයග්‍රහණයි.


බෙල්ජියමට එරෙහිව පැවැති පාපන්දු කරඟාවලියේදී මොරොක්කෝව විසින් 2-0 ක් ලෙස ජයග්‍රහණය කිරීමත් සමඟ බ්‍රසල්ස් හි කැරලි කෝලාහල ඇති කිරීමට සමත්ව තිබේ.


මේ සම්බන්ධව පොලීසිය වාර්තා කර තිබුණේ වෙස්මුහුණු පැළඳි විශාල ජනකායක් විසින්ආරක්ෂක අංශ සමඟ ගැටුම් ඇතිකරගත් බවයි. මෙහිදී කරළි කිහිපයක් ඇතිව ඇති අතර බෙල්ජියම් අගනුවර පුරා පාපන්දු ලෝලීන් මොරොක්කෝ ධජ වලින් සැරසී කැරලි මර්දන පොලිසිය සමඟ ගැටීම් ඇතිකර ගනිමින් මෝටර් රථ කිහිපයකට ගිනිතබා ඇත.


ජල ප්‍රහාරක හා කඳුළු ගෑස් භාවිතා කරමින් පොලිසිය විසින් තත්වය සමතයකට පත් කර ඇති අතර මෙම ජයග්‍රහණය බෙල්ජියමට එරෙහිව 1998 වසරෙන් පසු මොරොක්කෝව ලෝක කුසලානයක ලැබූ පළමු ජයග්‍රහණයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි