×

තායිවානය සම්බන්ධයෙන් බයිඩන්ගේ දිව දෙකේ කතා

බයිඩන්ගේ මෙම පරස්පර විරෝධී අදහස් හේතුවෙන් දේශපාලන විචාරකයන් කලාපීය ස්ථාවරත්වය කඩාකප්පල් කර තායිවාන බෙදුම්වාදය දිරිමත් කරන බවට එක්සත් ජනපදයට චෝදනා කරමින් සිටියි.


චීනය විසින් සිය ස්වයං පාලන දිවයින වන තායිවානය ආක්‍රමණය කළහොත් එක්සත් ජනපද හමුදා විසින් දිවයින ආරක්ෂා කරන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබේ.

මෙහිදී බයිඩන් වැඩි දුරටත් සඳහන් කර තිබුණේ යුක්රේනයේදී මෙන් නොව තායිවානයේ ආරක්ෂාව වෙනුවෙන් සෘජුවම එක්සත් ජනපද පිරිස් පැමිණෙනු ඇති බවයි.


මීට පරස්පර විරෝධී අදහසක් බයිඩන් විසින් CBS හි මිනිත්තු 60ක ඔහුගේ සම්මුඛ සාකච්ඡාවේදී, පවසා ඇත. එනම්, වොෂින්ටනය තායිවානයේ ස්වාධීනත්වයට සහාය නොදක්වන බවත්, එක්සත් ජනපදය නිල වශයෙන් බීජිංහි “එක්-චීන” ප්‍රතිපත්තියට කැපවී සිටින බවයි. කෙසේ නමුත් වොෂින්ටනය තායිවානයේ ශක්තිමත්ම ජාත්‍යන්තර ආධාරකරුවන් අතර වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පසුගියදා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඩොලර් බිලියන 1.1 ක අවි ආයුධ තායිවානයට විකිණීම අනුමත කරන ලද අතර, සෙනෙට් කමිටුවක් විසින් අතිරේක ඩොලර් බිලියන 4.5 ක ආරක්ෂක ආධාර ලබා දෙන නීති සම්පාදනය කිරීමට සහ දිවයින අල්ලා ගැනීමේ ඕනෑම උත්සාහයක් සඳහා බීජිං වෙත සම්බාධක පැනවීමට ඡන්දය දුන්හ.


බයිඩන්ගේ මෙම පරස්පර විරෝධී අදහස් හේතුවෙන් දේශපාලන විචාරකයන් කලාපීය ස්ථාවරත්වය කඩාකප්පල් කර තායිවාන බෙදුම්වාදය දිරිමත් කරන බවට එක්සත් ජනපදයට චෝදනා කරමින් සිටියි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි