×

Update: සියලු ඇමරිකානුවන් මුදා ගන්නා තුරු ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානයේ සිටිය යුතුයි – බයිඩන් කියයි

ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමේ අවසන් දිනය අගෝස්තු 31 වන නමුත්, සියලු ඇමරිකානුවන් මුදා ගන්නා තුරු හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් නොවිය යුතු බව ජනපති ජෝ බයිඩන් පවසනවා.


බයිඩන් මෙසේ පැවසුවේ ඇෆ්ගනිස්ථානය තලෙයිබාන් සංවිධානය විසින් අත්පත් කර ගැනීමෙන් පසු ප්‍රථම වතාවට මාධ්‍ය හමුවේ පෙනී සිටිමිනි.

විදෙස් මාධ්‍ය වාර්තා ගණනාවකට අනුව, ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමෙන් උද්ගත වූ තත්වයත් සමග ජෝ බයිඩන්ගේ ජනපති ධුරය වෙත පෙර නොවූ විරූ පීඩනයක් එල්ල වෙමින් තිබේ. ඇමරිකාවේ නීති සාධන විශේෂඥයන් ගණනාවක් ද විවිධ අවස්ථාවලදී පෙන්වා දී තිබුණේ අගෝස්තු 31 අවසන් දිනය දීර්ඝ කළ යුතු බවයි. ජනපති ජෝ බයිඩන් එයට අනවත වී ඇති ආකාරය මේ අනුව දැකගත හැකිය.

තවත් වියවුලකට යාමෙන් තොරව ඇෆ්ගනිස්ථානයේ ගැටළුව විසඳා ගත යුතු නමුත් එය කෙසේ සිදුවනු ඇත්දැයි තමන් නොදන්නා බව ද බයිඩන් ABC පුවත් සේවය සමග පවසා තිබේ.

අපිට කාටවත් තුවාළ කරන්න ඕනෙ නෑ – තලෙයිබාන් සංවිධානය කියයි

මේ දක්වා සිදුව ඇති සිවිල් මරණ, වෙඩි උණ්ඩ හෝ තදබදය හේතුවෙන් සිදුව ඇති බව පෙන්වා දෙන තලෙයිබාන් සංවිධානය, ඇෆ්ගන් වැසියන් රටෙන් පලා යාමට උත්සාහ කිරීම පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කරයි.

‘‘අපට ගුවන් තොටුපොළේ සිටින කිසිවෙකුට තුවාළ කරන්නට අවශ්‍ය නැහැ.‘‘ යැයි ද ඔවුන් පවසා තිබේ.

තවද විදෙස් ගත වීමට නීතිමය අවසර නොමැති සියලු දෙනාම ආපසු නිවෙස් කරා යා යුතු බව ද ඔහු පවසයි.

නමුත්, පාස්පෝට් සහ අදාළ නීතිමය ලියකියවිලි සහිත ඇෆ්ගන් වැසියන් සහ විදේශිකයන් පවා තලෙයිබාන් සටන්කාමීන් විසින් මුරපොළවලදී ආපසු හරවා යැවෙන බව ගාඩියන් පුවත් සේවය වාර්තා කරයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙසට විදෙස් ගළවා ගැනීමේ ගුවන් යානා සමහරකට හිස් ආසන සහිතව හැරී යාමට සිදුව තිබිණි.

සිකුරාදා සිට මේ දක්වා ඇමරිකාව විසින් 6,000 ක ට අධික පිරිසක් මුදා ගැනීමට සමත් වුවත්, තවත් බොහෝ පිරිසක් අවදානම් සහගත කණ්ඩායම් ලෙස හඳුනාගෙන තිබේ.

එම අවදානම් සහිත කණ්ඩායම් අතර අධ්‍යාපනය ලැබූ කාන්තාවන්, ඇමරිකානු හමුදාව වෙනුවෙන් පරිවර්තන රැකියාවන් කළ අය ද වෙති.

මේ වන විට තලෙයිබාන් සංවිධානය, ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමරිකානුවන් ඉවත් කර ගැනීමට සහයෝගය ලබාදෙන නමුත්, ‘‘අපිට බොහෝ දුෂ්කරතා වලට මුහුණ පාන්නට සිදු වී තිබෙනවා..‘‘ යැයි ද බයිඩන් පැවසීය. එයින් ඔහු අදහස් කළේ ඇමරිකානු හමුදාවට උදව් කළ ඇෆ්ගන් වැසියන් පිළිබඳව ය.

 

පෙර ලිපිය

ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානුවන් 15,000 ක් සිර වෙලා!

ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානුවන් 15,000 ක් සිර වෙලා!

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි