×

තෙල් සමාගම්වලට බදු, ජනතාවට සහන- බයිඩන්

බයිඩන් සිය දේශනයේදී තෙල් හා ගෑස් සමාගම් ලැබූ මෙම වාර්තාගත ලාභය යුධ ලාභයක් වශයෙන් සඳහන් කර තිබිණ.


මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය තුළ නොවැම්බර් 8වන දිනට පැවැත්වීමට නියමිත මධ්‍යකාලීන මැතිවරණ වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු සිදුවෙමින් ඇත.

ඊයේ(31) දිනයේදී මැතිවරණ ප්‍රචාරණ කටයුතු අතරතුර ජනාධිපති ජෝ බයිඩන් තෙල් හා ගෑස් සමාගම් වෙනුවෙන් අනතුරු ඇඟවීමක් කළ බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.


රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන්, බොරතෙල් මිල ඉහළ ගොස් ඇති අතර ඊට සාපේක්ෂව තෙල් හා ගෑස් සමාගම් විශාල වශයෙන් ලාභ ලබා ඇති බවට චෝදනා කළ ජනාධිපතිවරයා පාරිභෝගිකයන් වෙනුවෙන් පිරිවැය අඩු කිරීමට එකී ලාභය භාවිතා නොකරන්නේ නම් අතිරික්ත ලාභය මත ඉහළ බද්දක් පැනවීමට තමා කටයුතු කරන බවට අනතුරු අඟවා ඇත. බොහෝ දෙනා මෙය සඳහන් කරන්නේ රටතුළ ඉහළයන උද්ධමනය හේතුවෙන් සිය ඡන්ද දායකයන් සතුටු කිරීමට ජනාධිපතිවරයා ගන්නා උත්සහයක් බවයි.

Chevron සහ ExxonMobil යන සමාගම් මේ වසරේ ඩොලර් බිලියන 70 ක පමණ ලාභ වාර්තා කර ඇති අතර එය 2021 සිට තුන් ගුණයකින් වැඩි වීමකි. Big oil සමාගම ඩොලර් බිලියන 300 කට ආසන්න අතිරික්ත ලාභයක් උපයා ඇත.

බයිඩන් සිය දේශනයේදී තෙල් හා ගෑස් සමාගම් ලැබූ මෙම වාර්තාගත ලාභය යුධ ලාභයක් වශයෙන් සඳහන් කර තිබිණ.

ඇමරිකානු ඔටෝමොබයිල් සංගමයට අනුව ජූලි මාසයේදී පෙට්‍රල් මිල සාමාන්‍යයෙන් ගැලුමකට ඩොලර් 4.80 කට වඩා වැඩි විය යුතු බව ප්‍රකාශ වුවද, Biden ගේ පරිපාලනය වසර මුලදී මූලෝපායික ඛනිජ තෙල් සංචිතයෙන් බැරල් මිලියන 180 ක් ලබා ගැනීමෙන් පසුව එය සාමාන්‍යයෙන් ඩොලර් 3.76 දක්වා පහත වැටීනි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි