×

බයිඩන්ගෙන් මෝදිට ඉහලම පිළිගැනීමක්

දශක ආසියාවේ දශකය හෙවත් ඉන්දියාවේ දශකය විය හැකියි.


ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි ඊයේ(22)දිනයේදී ධවල මන්දිරයේදී ඇමරිකා එක්සත් ජනපද ජනාධිපත් ජෝ බයිඩන් හමුව ඇති අතර මෙහිදී ඉතාමත් හරසරින් බයිඩන් මෝදිව පිළිගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

විශ්ලේෂකයන් විසින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ, ජනාධිපති බයිඩන් මීට පෙර දකුණු කොරියා ජනාධිපති දකුණු කොරියා ජනාධිපති Yoon Suk-yeolපමණක් මෙලෙස පිළිගෙන ඇති බවයි. මෙමඟින් මෙම සබඳතාවය එක්සත් ජනපදයට කෙතරම් වැදගත්ද යන්න දක්නට ලැබේ.

මෙහිදී නායකයන් දෙදෙනා ඉන්දු පැසිෆික් කලාපයේ ස්ථාවරත්වය, දෙරට අතර වාණිජ සබඳතාවයන් සහ චීනයේ වැඩෙන බලපෑම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, අනෙකුත් ක්ෂේත්‍ර අතර වෙළඳාම, සැපයුම් දාම ආරක්ෂා කිරීම, ඛනිජ, තාක්ෂණය, අභ්‍යවකාශ සහයෝගීතාව ආදී නැගී එන තාක්ෂණයන් ශක්තිමත් කිරීම, දේශගුණික විපර්යාස සහ ආරක්ෂාව පිළිබඳ සහයෝගීතාව ඉහළ නැංවීමට නායකයන් දෙදෙනා මෙහිදී එකඟ වී ඇත.

අගමැති මෝදීගේ ඉන්දීය සංචාරයට සමාන්තරව දෙරට විශ්ව විද්‍යාල, වෙනත් පර්යේෂකයින්, පෞද්ගලික සමාගම්, ආයෝජකයින් හා නවෝත්පාදකයින් සම්න්බන්ධ කරමින්, යුද උපකරණ වැඩි දියුණු කිරීම හා නිෂ්පාදනය හා අදාළ තාක්ෂනය බෙදා ගැනීම හා හවුල් නිෂ්පාදනය සඳහා ඉන්දුස්-එක්ස් නමින් වේදිකාවක් සකසා සාකච්ඡා ආරම්භ කර ඇති අතර මෙමඟින් 2025 වසර වන විට ඉන්දියාවේ ආරක්ෂක උපකරණ අපනයන ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නංවා ගැනීම අපේක්ෂා කෙරේ.

එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා වාර්තාවන්ට අනුව, පසුගිය අප්‍රේල් මාසයේදී ඉන්දියාවේ ජනගහනය චීනය අභිබවා ගිය අතර ඉහලම ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටක් වශයෙන් මෙන්ම විශාල පිරිසක් ඉංග්‍රිසි භාෂාව හැසීරවීම ආදී කරුණු හේතුවෙන් ඉන්දියාව මේ වන විට බටහිර රටවලට පහසුවෙන් ප්‍රවේශ විය හැකි රටක් බවට පත්ව තිබේ. මේ හේතූන් නිසාවෙන්ම බොහෝ දෙනා පුරෝකතතන ඉදිරිපත් කරන්නේ ඉදිරි දශක ආසියාවේ දශකය හෙවත් ඉන්දියාවේ දශකය විය හැකි බවටයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි