×

බෙගම් ඛලීඩා ෂියාගේ නිදහස ඉල්ලා BNP අද නොකා නොබී උපවාසයේ

සිරගත වී සිටින බෙගම් ඛලීඩා ෂියා, පාකිස්ථාන ඉතිහාසයේ පහළ වූ දූෂිතම නායිකාවක ලෙස සැලකෙතත්, ඇගේ පක්ෂයට ඇය නිදහස් කර ගැනීමට උවමනා ය.


BNP හෙවත් බංග්ලාදේශ ජාතික පක්ෂය, සිය නායිකාව වන බෙගම් ඛලීඩා ෂියා නිදහස් කරන ලෙස ඉල්ලා නොකා නොබී උපවාසයේ නිතර වීමට නියමිත ය.  

මේ අනුව පැය 6 ක් එනම් උදෑසන 10 සිට සවස 4 දක්වා නිරාහාර උපවාසයක් ඔවුන් විසින් සිදුකිරීමට නියමිත ය.

පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයන් වන මිර්සා ෆක්රුල් ඉස්ලාම් ඇල්මගිර් වැනි කිහිප දෙනෙක්ම මේ අවස්ථාවට සහභාගි වනු ඇතැයි පැවසේ.

BNP පක්ෂයේ සභාපතිනිය වන බෙගම් ඛලීඩා ෂියා 2018 පෙබරවාරි 8 වැනිදා පටන් සිර දඬුවම් විඳිමින් සිටින්නේ බරපතළ දූෂණ චෝදනා අධිකරණයේදී සනාථ වීම නිසා ය. සිරදඬුවම විඳිමින් සිටින අතරවාරයේ ඇය තවත් දූෂණ චෝදනාවකට වරදකාරිය බවට පත්වූයේ තවත් සත් අවුුරුදු සිර දඬුවමක් ඇයට හිමි කර දෙමිනි.

නමුත් BNP හෙවත් බංග්ලාදේශ ජාතික පක්ෂය තරයේ කියා සිටින්නේ ඇය අධිකරණය විසින් වරදකාරියක බවට තීන්දු කළේ දේශපාලන ඕනෑ එපාකම් මත බවයි. තවද බන්ධනාගාර නිලධාරීන් ඇයගේ දුර්වල සෞඛ්‍ය තත්වයට නිසි ප්‍රතිකාර ලබා නොදෙන බව ද ඔවුහු කියති.

පෙර ලිපි-

සිරගත වූ බෙගම් ඛලීඩා ෂියා තවත් හත් අවුරුද්දක් හිරේට

දැඩි රැකවරණ මැද බංග්ලාදේශය මහ මැතිවරණයට



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි