×

සුඩානයේ සමූහ මිනීවලකින් සිරුරු 87ක් සොයා ගනියි – UN

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ප්‍රකාශ කර තිබුණේ, මියගිය අයට සහ ඔවුන්ගේ පවුල්වලට සහ ප්‍රජාවන්ට අශික්ෂිත හා අගෞරවනීය ලෙස සැලකීම ගැන තමා කම්පනයට පත්වූ බවයි.


සුඩානයේ බටහිර ඩාර්ෆූර් හි සමූහ මිනීවළකින් කාන්තාවන් හා ළමුන්ද ඇතුළුව අවම වශයෙන් සිරුරු 87ක් සොයාගනු ලැබූ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ප්‍රකාශ කර තිබේ.

මියගිය අය අතර බහුතරය මසලිට්වරු නම් ජනවර්ගයට අයත් බව හඳුනාගෙන ඇති අතර අබ්දෙල් ෆාටා අල්-බුර්හාන්ගේ නායකත්වයෙන් යුත් සුඩානයේ නිත්‍ය හමුදාව සහ ඔහුගේ හිටපු නියෝජ්‍ය මොහොමඩ් හම්දාන් දගලෝ විසින් අණ දෙන ලද (RSF) අතර සටන අප්‍රේල් 15 දින ආරම්භ විය. සටන් පුපුරා යාමත් සමඟ මෑත සතිවල එය වාර්ගික ගැටුමක් දක්වා වර්ධනය වී තිබිණ. එනම් අරාබි නොවන මසලිට් ජනයාට එරෙහිව (RSF) සහ අරාබි මිලීෂියාවන් විසින් එල්ල කරන ලද ප්‍රහාර රැල්ලක් වාර්තා විය.

මෙම මරණ සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් කඩිනම් හා සවිස්තරාත්මක පරීක්ෂණයක් ඉල්ලා සිටිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ප්‍රකාශ කර තිබුණේ, මියගිය අයට සහ ඔවුන්ගේ පවුල්වලට සහ ප්‍රජාවන්ට අශික්ෂිත හා අගෞරවනීය ලෙස සැලකීම ගැන තමා කම්පනයට පත්වූ බවයි.

සුඩානයේ හමුදා ප්‍රකාශක බ්‍රිගේජ් ජෙනරාල් නබිල් අබ්දුල්ලා මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, මෙම කැරළි සුඩාන පුරවැසියාට එරෙහිව ක්‍රියාත්මක වන අතර එහි ව්‍යාපෘතිය ජාතිවාදී ව්‍යාපෘතියක් සහ වාර්ගික ශුද්ධ කිරීමේ ව්‍යාපෘතියක් වන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි