BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

බුර්කිනෝ ෆාසෝ ජනපතිවරයා හමුදාවේ ප්‍රාණ ඇපයට

බටහිර අප්‍රිකානු රටක් වන බුර්කිනෝ ෆාසෝ හි හමුදා කඳවුරු කිහිපයක සොල්දාදුවන් කැරළි ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස අද දිනයේ ජනපතිවරයා ප්‍රාණ ඇපයට ගනු ලැබීය.

නවතම වාර්තාවලට අනුව මේ වන විට ඔහුව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන තිබේ.

බුර්කිනෝ ෆාසෝ ජනපති රෝක් මාක් ක්‍රිස්ටියන් කැබෝර්ගේ පුද්ගලික මන්දිරය අවට වෙඩි හඬවල් ද ඇසුණු බව ද වාර්තා වේ. ඔයාඩෝගු අගනුවර ද නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති ව තිබේ.

ඔයාඩෝගු අගනුවර පිහිටා ඇති ලැමිසානා බැරැක්කයේ ”පාර්ලිමේන්තු සහ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානී ජනාධිපති කැබෝර් සොල්දාදුවන් ළඟ සිටියි” යනුවෙන් ආරක්ෂක අංශ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබේ.

2015 වසරේ පළමු වරට ජනපති පදවියට පත් වූ කැබෝර් සිය ධුර කාල තුළ ජිහාඩ් කැරළිකාරීත්වයට එරෙහිව සටන් කිරීම සිය ප්‍රමුඛතාවයක් බවට පත් කරගෙන තිබිණි. කෙසේ නමුත් රට තුළ ලේ ගැලීම් නතර කර ගැනීමට ඔහු අපොහොසත් වීමත් සමග ජනතා විරෝධයක් ද ඔහුට එරෙහිව මතු වෙමින් තිබිණි.

හමුදාව තුළ ජනපතිවරයාට එරෙහිව කැරැල්ලක් ඇති වීමට එක් හේතුවක් වශයෙන් සඳහන් වන්නේ ජිහාඩ් කැරළිකරුවන් සමග සටන් කිරීමට ප්‍රමාණවත් තරම් සම්පත් නොමැති වීම යි.


‘සොබාදහම ආරක්ෂා කිරීම වැනි මූලික දෙයක් ගැන ලෝකයක් ලෙස අපට එකඟ විය නොහැකි නම්, වෙන කිසිවක් වැදගත් නොවේ.’- ජස්ටින් ටෘඩෝ

චීනයේ දිනකට කොවිඩ් රෝගීන් 30,000ක්

කොංගෝහි සමූල ඝාතනයකින් 272ක් මරුට

අරගල කරන හැටි ඉරාණයේ කාන්තාවන්ගෙන් ඉගෙන ගන්න ; සදාචාර පොලිසිය විසුරුවා හැරීමට සූදානම් -නීතිපති

අත්‍යාවශ්‍ය ආහාර මිල ඉහල යාම, විදුලි කප්පාදුව, ආහාර සහ ඉන්ධන හිඟය සම්බන්ධයෙන් අසාද්ගේ ආණ්ඩුවට එරෙහිව සිරියාවේ විරෝධතා; දෙදෙනෙකු මරුට

ජාවාහි දූපතේ සෙමේරු ගිනිකන්ද සක්‍රිය වේ. අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරේ.

එල් සැල්වදෝරයේ කල්ලි මර්දනය වෙනුවෙන් 10,000ක බට පිරිසක් යෙදවේ

නිව් යොර්ක් ටයිම්ස් පුවත්පතට නරක දසාවක්?

error: Content is protected !!
error: Content is protected !!