×

උතුරු කොරියාව ‘අති නූතන‘ න්‍යෂ්ටික ආයුධයක් අත්හදා බලයි.

උතුරු කොරියාව අති නූතන හෙවත් අල්ට්‍රාමොඩන් න්‍යෂ්ටික ආයුධයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව වාර්තා වේ.


එසේම මෙය උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් පුද්ගලිකව අධීක්ෂණය කර ඇති බව ද සනාථ වී තිබේ. මේ බව සනාථ කර තිබෙන්නේ උතුරු කොරියාවේ රාජ්‍ය මාධ්‍ය විසිනි.

මේ අනුව, න්‍යෂ්ටික නිරවිකරණය හෙවත්, න්‍යෂ්ටික ආයුධවලින් මුක්ත වන බවට උතුරු කොරියාව විසින් ඇමරිකාව වෙත ලබාදී තිබෙන පොරොන්දුව බොල් පොරොන්දුවක් බවට පත් වේ. එසේම මෙය, උතුරු කොරියාව විසින් ඇමරිකාව වෙත කරනු ලබන නවතම අනතුරු ඇඟවීම වශයෙන් ද ඇතැම්හු පෙන්වා දෙති.

මෙම ‘අති නූතන‘ ආයුධය කුමක්දැයි මේ දක්වා කිසිවෙකු දන්නේ නැත. නමුත් මේ න්‍යෂ්ටික අත්හදා බැලීම, පයොන්ගියැන්ග් හෙවත් උතුරු කොරියානු පාලනය, වොෂින්ටනය සමග ඇති කර ගත් හොඳහිත ඉක්මනින් පළුදු කරගන්නට සැරසෙන බව නිසැක වශයෙන්ම පෙන්වා දෙන්නක් වේ.

‘‘ඔහු මෙයින් පෙන්වා දෙන්නේ න්‍යෂ්ටික ආයුධ අත්හරින්නට ඔහු සූදානම් නැති බවයි. ඒ වගේම පරණ පුරුදු වෙත ඉක්මනින්ම යන බවයි.“ යැයි අන්තර්ජාතික අධ්‍යයනයන් පිළිබඳ මිඩ්ල්බරි ආයතනයේ ජේෂ්ඨ පර්යේෂකයෙක් පවසයි.

මෙම න්‍යෂ්ටික ආයුධ අත්හදා බැලීම ගැන නිවේදනය කළේ උතුරු කොරියාවේ KCNA රාජ්‍ය පුවත් ඒජන්සියයි. එය සිකුරාදා උදෑසන සිදුකරන ලද බව ද එහි සඳහන් විණි. නමුත් එම අත්හදා බැලීම සිදුකළ ස්ථානය හෝ ආයුධය පිළිබඳ වැඩිවිස්තරයක් එයින් හෙළිදරව් කර නැත.

මේ සමග දකුණු කොරියාව නැවතත් කලබල වී සිටියි. ඔවුන් සැක කරන්නේ මෙය දිගු දුර මිසයිලයක් විය හැකි බවටයි. එසේම එය බහුවිධ රොකට් ලෝන්චරයක් විය හැකි බවට ද ඔවුහු අනුමාන කරති.

පෙර ලිපි –

උතුරු කොරියාව රහසිගත තිප්පොළ 13 ක මිසයිල හංගලා – අලුත්ම වාර්තාවක් හෙළි කරයි. 

හිතහොඳ කිම්ගේ බිම්මල් කෑමට සුදුසුයි!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි