#ඇමරිකානු වහලෙකුගේ කථාන්දරය
මරණය පැමිණ ෆ්‍රෙඞ්රික් ඩග්ලස්ගේ ගෙයි දොරට නිතර නිතර තට්ටු කළේය. ෆ්‍රෙඞ්රික් ඩග්ලස් සිය දරුවන් දෙදෙනෙකු සියතින් මිහිදන් කළේය. ඩග්ලස්ගේ දරුමුනුබුරන් විසි එක්දෙනා අතරින් ද වැඩිහිටියන් බවට පත්වූයේ නව දෙනෙක් පමණි.
... Read Moreසිය වහල් ස්වාමියාට එරෙහිව නැගී සිටිමින්, අකුරු ඉගෙනීම වහල් ජීවිතයෙන් පළා යා හැකි එකම ක්‍රමය බව වටහාගත් ෆ්රෙඩ්රික් ඩග්ලස්, විවේක කාලයන් ගත කරන්නේ සෙසු වහලුන්ගේ දෑස් පෑදීම පිණිස ය. මේ අතර, ඇනා මරේ නමැති කළු ජාතික කාන්තාවක් කෙරෙහි පෙමින් බැඳෙන ඔහු, ඇය සමග නිව්යෝක් නුවරට පළා යයි. අද එතැන් සිට…
... Read Moreනිව්යෝක් නුවර ට පැමිණීම ගැන ෆ්‍රෙඞ්රික් ඩග්ලස් පසුකලෙක මෙසේ ලිවීය.
එකෙක් කුසගිනිකාර සිංහයන්ගේ කූඩුවෙන් ගැළවී ගත්තා සේ මට හැඟිණි”.
තමන් වැනිම කළු ජාතික වහලුන් වෙනුවනේ ෆෙඩ්රික් අකුරු කියා දීම ඇරඹුවේය. නමුත් නිදහස තව දුර ය.
... Read Moreහැඩිදැඩි වහල් හිමියගේ පුහු ආඩම්බරය බිඳ දමන එකම මග ෆ්රෙඩ්රික් සොයාගත්තේය. ඔහුට තවදුරටත් බියසුල්ලෙකු මෙන් කරබාගෙන සිටීමට නොහැකි විය. අද එතැන් සිට…
... Read Moreපසුකලෙක ෆ්රෙඩ්රික් ඩග්ලස්, වහලුන් ට නිදහස ලබාදිය යුතු යැයි නිරන්තරයෙන් වාද කළේය. යුද්ධයෙන් පසු නිදහස් මිනිසුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂණය කිරීම හා ඒවා රැක දීම සඳහා ඔහු ක්‍රියාත්මක විය. 1872 දී ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ධූරය සඳහා නාමයෝජනා ලද පළමු අප්‍රිකානු-ඇමරිකානුවා බවට පත්විය.
... Read Moreෆ්රෙඩ්රික් ඩග්ලස් වහල් භාවය අවබෝධ කර ගත්තා පමණක් නොව, ක්‍රම ක්‍රමයෙන් ඊට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය මානසික තත්වය ද ඇතිකර ගත්තේය. එසේ ඇති කර ගත් මානසික තත්වය පසුව ප්‍රායෝගිකව ද අත්හදා බැලුවේය.
... Read Moreආහාරය සඳහා යන වියදම හැර වෙනත් වියදමක් දැරීමට වහල් හිමියාට සිදු නොවේ. වහලාගේ ශ්‍රමයෙන් නිර්මාණය වන ධනය වහල් හිමියා සතු ධනය බවට පත් වේ. මෙය ඉතා දැඩි ලෙස ග්‍රහණය කරගෙන සිටි වහල් හිමියෝ සතුන් පාලනය කිරීමට දන්නා සත්ව පාලකයන්ට සමාන දැනීමක් වහලුන් පාලනය පිළිබඳව ද දැන සිටියහ.
... Read Moreඇමරිකානු නීතිය ඉදිරියේ සුදු වහල් හිමියා වහලුන් මැරීමේදී පවා කිසිදු දඬුවමකට යටත් වූයේ නැත. නීතිය වහල් හිමියා සතු විය. සුළු අණසකට යටත් නොවූ වහලුන්ම වෙඩි තැබූ අවස්ථා තමන් ඇස් දෙකෙන් දුටු බව ෆ්‍රෙඞ්රික් ඩග්ලස් සිය පොතෙහි සඳහන් කරයි. එසේ කළ වහල් හිමියන්ගේ නම්ද, කළ ස්ථානයන් ද ඔහු සඳහන් කරයි. සිදුවූ සෑම දෙයක් පිළිබඳව ම මානසික සටහනක් පවත්වාගෙන ගිය ඔහු පසු කාලයේදී, ඔහුට ලැබුණු මුල් අවස්ථාවේදීම ඒ සියල්ල ලේඛනගත කළේය. මර්දනයට විරුද්ධ අරගලයේදී ලේඛනගත කිරීමේ අවශ්‍යතාවය ගැන මහඟු උදාහරණයක් ෆෙඞ්රික් ඩග්ලස් මෙම පොතෙන් හෙළිදරව් කර ඇත.- බැසිල් ප්‍රනාන්දු
... Read Moreවහල් හිමියන්ගේ මෙම අවබෝධයත් ඔවුන් මේවා ක්‍රියාත්මක කළ ආකාරයත් ඉතා බාල වියේ සිටම තේරුම් ගැනීමට පටන් ගත් ෆෙඞ්රික් ඩග්ලස් වහල් ක්‍රමය පිළිබඳ ඉතා පරිපූර්ණ අවබෝධයක් ඇති කර ගත්තේය. පසු කාලයේදී ඔහුගේ අතින්ම ලියැවුණු චරිතාපදානය තුළින් ඔහු එම අවබෝධය ඉතා පුළුල් ව විස්තර කර ඇත. වහල් භාවය පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීමේ අත්පොතක් ලෙස මෙම පොත ප්‍රයෝජනවත් ය.- බැසිල් ප්‍රනාන්දු
... Read Moreමෙතෙක් කතාව :
මේරිලන්ඩ් හි ටැබ්ලට් කන්ට්‍රි ප්‍රදේශයේ ඊස්ටන් ත්අසල ෆ්‍රෙඞ්රික් ඩග්ලස් වහලෙකු ලෙස උපන්නේය. උපතේදී ඔහුගේ නම ෆ්‍රෙඞ්රික් ඔගස්ටස් වොෂින්ටන් බෙයිලි විය. ඔහුගේ උපත සිදුවූ අවුරුද්ද හරිහැටි නොදනිතත් එය 1818 වර්ෂය බව ඔහු දත්තේය. වයස සති කිහිපයක් පමණක් වූ විට සිය මවගෙන් වෙන් කළ ඔහු මවගේ දෙමාපියන් විසින් හදාවඩා ගැනිණි. වයස අවුරුදු හයේදී ඔහුගේ මිත්තණිය ඔහු ව වහල් ස්වාමියාගේ වතුයායට ගෙනැවිත් ඇරලවූවාය. අද එතැන් සිට…
මේරිලන්ඞ් හි වහලෙකු ව උපන් ෆ්‍රෙඞ්රික් ඩග්ලස් වහල් භාවයෙන් පැනගොස් අවසානයේ නිදහස් මිනිසෙකු බවට පත්විය. වහල්භාවය අහෝසි කළ ඇමරිකාවේ ශ්‍රේෂ්ඨ ජනපති ඒබ්‍රහම් ලින්කන්ගේ ළඟම හිතෛෂියෙකු බවට ද විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු බවට ද ඔහු පත් විය. සෙස්සන්ගේ නිදහස සහ ඔවුන්ගේ අයිතීන් සඳහා දිවි ඇති තෙක් ඔහු කළ අරගලය ඇමරිකානු ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයක සැඟවීගත්, සිත් සසල කරවන අතුරු කතාවකි.
... Read More