×

ඉතිහාසයේ ප්‍රථම වරට Man Booker සම්මානය අරාබි ජාතික ලේඛිකාවකට

Celestial Bodies ග්‍රන්ථය හදවත් සේම බුද්ධියද එකසේ දිනා ගන්නා ග්‍රන්ථයක්


ජෝකා අල්හාති මෑන් බූකර් සම්මානය ලද ප්‍රථම අරාබි ජාතික ලේඛිකාවයි. ඇය මෙවර සම්මානය දිනා ගත්තේ ඈ විසින් ලියූ Celestial Bodies නම් නවකථාව වෙනුවෙනි.

තවමත් ලෝකයේ පීඩනයට මෙන්ම සාස්කෘතිය විසින් පීඩනයට පත් කර සිටින අරාබි සමාජයේ උපන් ජෝකා අල්හාති මෑන් බූකර් සම්මානය හිමි කර ගැනීම සැබවින්ම ශ්‍රෙෂ්ඨය . ඇය ඕමානයේ උපන් කාන්තාවකි. එමෙන්ම නවකථාවක් ඉංග්‍රීස් භාෂාවෙන් පල කළ ප්‍රථම ඕමාන කාන්තාවද ඇයයි. ඇය අරාබි සංස්කෘතිය තුළ සිරවී සිටින කාන්තාවගේ දෑස ඒ ඔස්සේ ලෝකයට විවිර කර ඇත්තේය.

ඕමානයේ සමාජ පෙරළීන් පවුලක් තුළ පාර්ශවයන් ත්‍රිත්වයක් ඉස්මතු කරමින් ගොතා ඇති ඇගේ නව කථාව ඉංග්‍රීසි භාෂාවට පරිවර්ථනය කළේ මැරිලින් බූත්ය. මෑන් බූකර් සම්මානය සමග පිරිනැමෙන මුදල් ත්‍යාගයෙන් පවුම් 50000 ක කොටසක් ඒ නිසා ඇයටද හිමි විය.

Celestial Bodies ග්‍රන්ථය හදවත් සේම බුද්ධියද එකසේ දිනා ගන්නා ග්‍රන්ථයක් ” එසේ පවසන්නේ ඉතිහාසඥ බෙටනි හ්‍යුග්ය. ඇය මෑන් බූකර් විනිසුරු මණ්ඩලයේ ප්‍රධානියාය. සමාජය තුළ ජාතිභේද, වහල්ක්‍රමය මෙන්ම ස්ත්‍රී පුරුෂ භේදය පිළිබදව ඇය කෘතිය තුළ සිය විරෝධය පල කරන අයුරු ප්‍රශංසනීය බවද ඇය විසින් ඉස්මතු කරනු ලබයි.

ජෝකා අල්හාදි උපත ලබන්නේ 1978 වසරේදීය. ඒ ඕමානයේදීය. මින් පෙර කෙටිකථා පොත් කිහිපයක් සහ ළමා කථා කිහිපයක් ඈ විසින් රචනා කර ඇත. අරාබි බසින් නවකථා තුනක් රචනා කර ඇති ඇය එඩින්බර්ග් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරා ඇති ජෝකා මස්කට් හී සිල්තාන් ක්වාබූස් විශ්ව විද්‍යාලයේ ආචාර්යවරියකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි