ඉන්දියාව විසින් චන්ද්‍රයා පිළිබඳ සිදු කරන මෙහෙයුම් සදහා අභ්‍යවකාශ ගත කිරීමට නියමිත චන්ද්‍රයාන් 2 යානය අද (ජූලි 15) අළුයම 2.51ට මුදාහැරීමට කටයුතු යොදා තිබුණත් එම ගමන මිනිත්තු 56 කට පෙර නතර කරනු ලැබීය.
එයට හේතු වී තිබුණේ ඉන්දීය විද්‍යාඥයන් විසින් මුදාහැරීමේ පද්ධතියේ තාක්ෂණික දෝෂයක් නිරීක්ෂණය කිරීමයි.
කෙසේ නමුත් අදාළ දෝෂය යථා තත්වයට පත් කිරීමෙන් පසු යානය අපේක්ෂිත ගමන බලා යාමට නියමිත බව ද වාර්තා වේ. ඒ අනුව යානය දියත් කරන දිනයක් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ඇත.
චන්ද්‍රයාන් 2 සඳ මතට ගොඩබෑම සාර්ථක වුවහොත්, එ් සමගම සඳ මතට පය තැබූ කලාපයේ ප්‍රථමයා බවට පත්වීමට ඉන්දියාවට හැකි වේ.
ඉන්දියාව මුලින්ම සඳ ගමනට උත්සාහ කළේ 2008 වසරේදී ය. ඒ, චන්ද්‍රයාන් 1 සමග ය. නමුත් මෙම යානය සඳෙහි මතුපිට ස්පර්ශ කිරීමට අසමත් විය.එසේ වුවත් රේඩාර් තාක්ෂණය භාවිතා කරමින් මිනිසා විසින් සඳෙහි ඇති ජලය පිළිබඳ එදා මෙදාතුර ලබාගත් ප්‍රථම සවිස්තරාත්මක වාර්තාව ගෙන ඒමට චන්ද්‍රයාන් 1 සමත් විය.
ඉන්දියානු අභ්‍යවකාශ ඉතිහාසයේ බිහි වූ බලසම්පන්නම අභ්‍යවකාශ රොකට්ටුව වන්නේ චන්ද්‍රයාන් 2 ය. එසේම ඉන්දියානු අජටාකාශ ඒජන්සිය ප්‍රකාශ කරන්නේ එදා මෙදාතුර ඉන්දියාව අත ගැසූ සංකීර්ණම අභ්‍යවකාශ ව්‍යාපෘතිය ද මෙය වන බවයි.
මිනිසුන්ගේ සහභාගීත්වයක් නොමැතිව ඉන්දියාව විසින් සිදු කරන දෙවන දෙවන චන්ද්‍ර මෙහෙයුම මෙය වෙයි.
අද අළුයම නිසි පරිදි දියත් කළේ නම් චන්ද්‍රයාන් 2 යානය සැප්තැම්බර් 6 වන දින සඳ මතුපිටට ළඟා වීමට සැලසුම් කර තිබිණි.
මේ මගින් සඳ මත භූ ලක්ෂණ සවිස්තරාත්මකව අධ්‍යයනය, ඛනිජ විශ්ලේෂණය ඇතුලු පර්යේෂණ රැසක් එමඟින් සිදුකිරීමට නියමිතයි. ඒ අනුව චන්ද්‍රයාගේ ආරම්භය හා පරිණාමය පිළිබඳ අධ්‍යයනය මෙහි ප්‍රධානතම අරමුණ වී ඇත.
ඉන්දියානු ජනපති රාම්නාත් කෝවින්ද් මෙම චන්ද්‍රයාන් 2 යානය මුදා හැරීමේ අවස්ථාවට සහභාගී වීමට නියමිත ව සිටියේය. ඒ අනුව ඔහු මෙවැනි ඉන්දියානු අභ්‍යවකාශ මෙහෙයුමක් දැක බලා ගත් තෙවන ඉන්දියානු ජනපති බවටද පත් වේ.
මේ සදහා ඉන්දියාව විසින් වැය කර ඇති මුදල ඉන්දියානු රුපියල් කෝටි 1000කි.
පෙර ලිපිය මෙතැනින්
ප්‍රධාන ඡායාරූපය – ISRO