×

අප්‍රිකාවේ විශාලතම සරණාගත අර්බුදය

UNHCR සංඛ්‍යාලේඛනවලට අනුව, අර්බුදයට මාස දෙකක් ගතවී ඇතත්, ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන් මෙතෙක් දායක වී ඇත්තේ මුළු සංඛ්‍යාවෙන් 10% ක් පමණි.


එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු වලට අනුව පසුගිය අප්‍රේල් 15දා සුඩානයේ සන්නද්ධ හමුදා සහ ප්‍රතිවාදී පැරාමිලිටරි ශීඝ්‍ර ආධාරක බලකාය (RSF) අතර ඇති වූ සටන් හේතුවෙන් මේ වන විට අවම වශයෙන් සිවිල් වැසියන් 800කට අධික පිරිසක් මියගොස් 6,000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම යුද්ධයත් සමඟ දකුණු සුඩානය තුල අප්‍රිකාවේ විශාලතම සරණාගත අර්බුදය මේ වන විට ඇතිව ඇති අතර මිලියන 2.2 ක ජනතාවක් රටේ දේශසීමාවෙන් පිටත හා මිලියන 2.3 ක් අභ්‍යන්තරව අවතැන්ව ඇත.

දකුණු සුඩානයේ සහ සුඩානයේ මායිම අසල රෙන්ක් සංක්‍රමණ කඳවුරේ මේ වන විට 6,000කට අධික පිරිසක් නවාතැන්ගෙන ඇති අතර මෙහි ප්‍රමාණවත් ආහාර, ජලය හෝ සනීපාරක්ෂක පහසුකම් කිසිවක් නොමැත. මෙහි මන්දපෝෂණය සහ අපිරිසිදු තත්වයන්, බෝවන රෝග, වසංගතයක් අවුලුවාලන අතර සෑම දිනකම, කුඩා පිරිමි ළමයෙකු හෝ ගැහැණු ළමයෙකු මිය යන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

UNHCR සංඛ්‍යාලේඛනවලට අනුව, අර්බුදයට මාස දෙකක් ගතවී ඇතත්, ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන් මෙතෙක් දායක වී ඇත්තේ මුළු සංඛ්‍යාවෙන් 10% ක් පමණි. කෙසේ නමුත්, පසුගිය ජූනි 19වනදා එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඊජිප්තුව, ජර්මනිය, කටාර් සහ සවුදි අරාබිය, අප්‍රිකානු සංගමය සහ යුරෝපා සංගමය විසින් සුඩානයේ සහ කලාපයේ මානුෂීය ප්‍රතිචාරයට සහාය වීම සඳහා විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබිණමුත් ආධාර ලැබෙන්නේ ඉතා මන්දගාමීවය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි