×

චිලී රාජ්‍යයේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 23 දෙනෙකු මරුට; හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ.

පවතින කාලගුණ තත්වය හේතුවෙන් ගින්න නිවා දැමීම වඩාත් දුෂ්කරව ඇත.


චිලියේ පැතිර යන හදිසි ලැව්ගිණි තත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් 979 දෙනෙකු තුවාල ලබා ඇති බව චිලී අගනුවර වන සන්තියාගෝ හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කැරොලිනා ටෝහා ප්‍රකාශ කර තිබේ.

පවතින කාලගුණ තත්වය හේතුවෙන් ගින්න නිවා දැමීම වඩාත් දුෂ්කරව ඇති අතර ස්පාඤ්ඤය, එක්සත් ජනපදය, ආර්ජන්ටිනාව, ඉක්වදෝරය, බ්‍රසීලය සහ වෙනිසියුලාව යන රටවල් රජයන් ගුවන් යානා සහ ගිනි නිවන භටයින් ඇතුළු ආධාර චිලියට ලබා දී තිබේ. තත්වය වඩාත් නරක අතට හැරෙමින් පවතින හෙයින් හදිසි තත්වයක්ද රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත. ලැව් ගිණි හේතුවෙන් මේ වන විට 1,100 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථානවල රැකවරණය පතා ඇත.

චිලියේ ආපදා අවම කිරීමේ ඒජන්සිය නිවේදනය කර තිබුණේ මේ වන විට ලැව්ගිනි 232ක් සක්‍රිය වශයෙන් ක්‍රියාත්මක වන බවත්, ඉන් 151 ක් මේ වන විට පාලනය කර ඇති බවත්ය. ලැව්ගිණි හේතුවෙන් විනාශ වන ලද භූමි ප්‍රමාණය හෙක්ටයාර් 40,000 (අක්කර 99,000) පමණ වන බවට දළ වශයෙන් ගණන් බලා ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි