×

චීනයෙන් සයිබර් ප්‍රහාරයක් – ලොව පුරා මයික්‍රාසොෆ්ට් සර්වර් මිලියන කාලක් අනතුරේ

ලොව පුරා තිබෙන මිලියන කාලක් වූ මයික්‍රොසොෆ්ට් සමාගමේ හුවමාරු සර්වර්වලට චීනය විසින් සයිබර් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තා වෙයි.


මේ සම්බන්ධයෙන් චීනයට චෝදනා එල්ල කරන්නේ එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ යුරෝපා සංගමයයි.

ඔවුන්ට අනුව චීනය මෙම ප්‍රහාරය, 2021 වසරේ මුල භාගයේදී එල්ල කර තිබේ.

චීනයේ සහයෝගය ලබන්නන් පිරිසක් මෙම ප්‍රහාර පිටුපස සිටින බවට එක්සත් රාජධානිය චෝදනා කරද්දී යුරෝපා සංගමය පවසන්නේ, මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ ද චීනයේ සිට බවයි.

MSS යන කෙටි නාමයෙන් හඳුන්වන චීනයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිදුකරන මහා පරිමාණ චරපුරුෂ සේවාවන්ගේ කොටසක් වශයෙන් මෙය කර ඇති බව ද වාර්තා වේ.

එක්සත් රාජධානිය තුළ මෙම ප්‍රහාරයට ආයතන 70 ක් පමණ ගොදුරු වී ඇති බව කියැවේ. මේ අතර, යුරෝපා සංගමයට අනුව මෙම ප්‍රහාර හේතුවෙන් සැලකිය යුතු ආර්ථික හානියක් මෙන්ම ආරක්ෂක අවදානමක් ද පුද්ගලික සහ රජයේ ආයතනවලට සිදුකර තිබේ.

මේ අතර, මාර්තු මාසයේදී මෙම සයිබර් ප්‍රහාරය ගැන මුල් වරට අනාවරණය කළ මයික්‍රොසොෆ්ට් සමාගම පවසන්නේ Hafnium – ‘‘හෆ්නියම්‘‘ නමැති චීනයට සම්බන්ධ සයිබර් අපරාධ කල්ලියක් මෙම ප්‍රහාර සිදුකර ඇති බවයි.

මේ අතර චීනය මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි. ඔවුන් පවසන්නේ තමන් සියලු ආකාරයේ සයිබර් අපරාධවලට විරුද්ධ බව ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි