×

ආර්ථික බලවතෙකු ලෙස චීනයේ ප්‍රතිරූපය බිඳ වැටෙමින් පවතියි – Pew

Pew විසින් එක්සත් ජනපදය, මෙක්සිකෝව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, ඊශ්‍රායලය, නයිජීරියාව, ජපානය සහ ඉන්දියාව ඇතුළු රටවල් 24ක් පුරා වැඩිහිටියන් 30,000කට වැඩි පිරිසක් මෙහිදී සමීක්ෂණයට ලක්කරන ලදි.


Pew පර්යේෂණ මධ්‍යස්ථානය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය ලෙස හැඳින්විය හැකි චීනයේ ජාත්‍යන්තර ප්‍රතිරූපය බිඳ වැටෙමින් පවතින බව වාර්තා වේ.

Pew විසින් එක්සත් ජනපදය, මෙක්සිකෝව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, ඊශ්‍රායලය, නයිජීරියාව, ජපානය සහ ඉන්දියාව ඇතුළු රටවල් 24ක් පුරා වැඩිහිටියන් 30,000කට වැඩි පිරිසක් මෙහිදී සමීක්ෂණයට ලක්කර ඇති අතර ඔස්ට්‍රේලියාව, ස්වීඩනය, දකුණු කොරියාව සහ ජපානය වැනි ඉහළ ආදායම් ලබන රටවල චීනය පිළිබඳ ඍණාත්මක විවේචනයන් මෙහිදී සොයා ගන්නා ලදි.

ඉන්දුනීසියාව, නයිජීරියාව සහ මෙක්සිකෝව වැනි රටවල වැඩිහිටි ප්‍රජාව චීනය පිළිබඳ වඩාත් ධනාත්මක අදහස් දක්වා තිබූ අතර චීනය විසින් එම මධ්‍යම ආදායම් ලබන රටවලට 5G අන්තර්ජාලය පහසුකම් සැපයීමේ සිට එහි දැවැන්ත වැනි ව්‍යාපෘති හරහා මහා පරිමාණ ආයෝජන කිරීමත් යටිතල පහසුකම් දියුණු කිරීම ආදියත් මේ වෙනුවෙන් හේතු වන්නට ඇති බවයි විවේචකයන් සඳහන් කර තිබුණේ.

පසුගියදා චීනය විසින් සෞදි අරාබිය සහ ඉරානය අතර සබඳතා යළි ස්ථාපිත කිරීමට හා යුක්රේනය හා පලස්තීනය වෙනුවෙන් සාමයේ ධූතයෙකු ලෙස ක්‍රියා කීරීමට ගනු ලැබූ උත්සහය මෙම සමීක්ෂණය තුළ බොහෝ දෙනෙකුගේ විවේචනයට එල්ල වී තිබිණ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි