×

චීනයේ ගංවතුර හේතුවෙන් 14 දෙනෙකු මිය යයි

වසර 140 කට පෙර ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම වර්ෂාව මෙය වේ


චීනයේ ඊසානදිග ජිලින් පළාතට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට අවම වශයෙන් 14 දෙනෙකු මියගොස් ඇති බව චීනයේ රාජ්‍ය පුවත් ඒජන්සිය වන Xinhua වාර්තා කර තිබේ.

මේ වන විට සතියකට වැඩි කාලයක් රට පුරා කාලගුණය ආශ්‍රිත ව්‍යසනයන් හේතුවෙන් 47ක් මියගිය ගොස් ඇති අතර ලොන්ජියැන්ග් සහ ජිලින් හි ප්‍රධාන ගංගා දෙකක කොටස්වල ජල මට්ටම් මේ වන විට අවදානම් සීමාව ඉක්මවා ඇති බව බලධාරීන් අනතුරු අඟවා තිබේ. ඒ අනුව ප්‍රදේශයේ 19,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.

ඩොක්සුරි සුළි කුණාටුවෙන් පසුව ඇති වූ ධාරානිපාත වර්ෂාව, උතුරු දෙසට ගමන් කිරීමට පෙර, සුළි කුණාටුවක් ලෙස චීනයට පහර දුන් අතර, වසර 140 කට පෙර ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම වර්ෂාව මෙය බවයි කාලගුණ විද්‍යාඥටන් හඳුන්වා දෙන්නේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි