×

චීනය, ඉරානය සහ රුසියාව ඕමාන් බොක්කේ ඒකාබද්ධ නාවික අභ්‍යාස පැවැත්වීමට සුදානමින්

මෙම යුධ අභ්‍යාස හවුති ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට 2023 දෙසැම්බර් මාසයේ සිට එක්සත් ජනපදය ප්‍රමුඛ නාවික සන්ධානයේ ප්‍රහාර වලට සමගාමිව ක්‍රියාත්මක කෙරේ.


සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 12,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනය, ඉරානය සහ රුසියාව එක්ව ඕමාන් බොක්කෙහි ඒකාබද්ධ අභ්‍යාස ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම අභ්‍යාස අද(12)සිට මාර්තු මස 16වන දින දක්වා පැවැත්වීමට නියමිත වන අහාර ජාත්‍යන්තර සමුද්‍ර වෙළඳාමේ ආරක්ෂාව, මුහුදු කොල්ලකෑම් සහ සමුද්‍ර ත්‍රස්තවාදයට එරෙහිව පවත්වන බවයි ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණේ,

මේ සම්බන්ධයෙන් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබුණේ, චීනය හා ඉරානය සමඟ එක්ව රුසියාව ක්‍රියාත්මක කරන සාගරික ආර්ථික ක්‍රියාකාරකම් වෙනුවෙන් Varyag cruiser ප්‍රමුඛ රුසියානු පැසිෆික් බලඇණියේ නෞකා කණ්ඩායමක් ඉරානයේ චබහාර් වරායට යොමු කර ඇති බවත් මේ වෙනුවෙන් ගුවන් සේවාවන්ද සම්බන්ධ කර ගැනීමට සුදානම් බවයි.

චීනයේ ආරක්ෂක අමාත්‍යාංශය ද මෙම යුධ අභ්‍යාසයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබු අතර කලාපීය සමුද්‍ර ආරක්ෂාව ඒකාබද්ධව පවත්වාගෙන යාම සඳහා මිසයිල විනාශ කරන්නා වූ Urumqi, මාර්ගෝපදේශක මිසයිල යාත්‍රාවක් Linyi සහ විස්තීර්ණ සැපයුම් නෞකාවක් වන Dongpinghu යොමු කිරීමට මෙමඟින් අපේක්ෂා කර බව සඳහන් කර තිබිණ.

මෙම යුධ අභ්‍යාස හවුති ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට 2023 දෙසැම්බර් මාසයේ සිට එක්සත් ජනපදය ප්‍රමුඛ නාවික සන්ධානයේ ප්‍රහාර වලට සමගාමිව ක්‍රියාත්මක කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි