×

චීනය COVID ආශ්‍රිත මරණ 60,000ක් වාර්තා කරයි.

OVID-19 ආසාධනය වීම් පිළිබඳ දත්ත නිකුත් කිරීමට චීන රජය අපොහොසත් වන බවට දිගින් දිගටම ලෝක ප්‍රජාව ලැබුණු පැමිණිලිවලින් අනතුරුව චීනය විසින් මෙම මරණ සංඛ්‍යාව හෙළිදරවු කර ඇත.


මසකට වැඩි කාලයකින් අනතුරුව චීනය විසින් COVID ආශ්‍රිත මරණ 60,000ක් වාර්තා කර ඇති බව අනාවරණය වේ. අද දිනයේදී(14) ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබු‌ණේ පසුගිය දෙසැම්බර් මස 8වන දා සිට COVID-19 නිසා ඇති වූ ශ්වසන අපහසුතා හේතුවෙන් මරණ 5,503 ක් සහ COVID-19 සමඟ වෙනත් රෝගවලින් 54,435 ක් මිය ගිය බවයි.


ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයින් මේ වසරේ අවම වශයෙන් COVID ආශ්‍රිත මරණ මිලියනයක්වත් පුරෝකථනය කර ඇති අතර, වසංගතය ආරම්භ වූ දා සිට චීනය මීට පෙර මරණ 6000කටත් අඩු සංඛ්‍යාවක් වාර්තා කර තිබූ අතර, එය ලෝකයේ අඩුම මරණ අනුපාතයන්ගෙන් එකකි.

මිය ගිය අය අතර 90%ක් පමණ වයස අවුරුදු 65 සහ ඊට වැඩි අය බව සෞඛ්‍ය කොමිෂන් සභාව පවසා තිබේ. එමෙන්ම මිය ගිය අය අතර බහුතරය පිළිකා, හෘද හෝ පෙනහළු රෝග හෝ වකුගඩු ආබාධ ඇති බව ද එහි සඳහන් වේ.

එන්නත් කිරීමට වඩා එහි ජනගහනය ආරක්ෂා කිරීමේ අරමුණෙන් චීනය විසින් ක්‍රියාත්මක කළ ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය පසුගිය දෙසැම්බර් 07 වනදායින් අනතුරුව මහජන විරෝධය හේතුවෙන් අතැර දමන ලදි. ඉන් අනතුරුව ජනගහනය අතර COVID -19 ආසාදන වැඩිවීම සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර රජය විසින් නවරැදි දත්ත හෙළදරවු නොකරන ලදි. COVID-19 ආසාධනය වීම් පිළිබඳ දත්ත නිකුත් කිරීමට චීන රජය අපොහොසත් වන බවට දිගින් දිගටම ලෝක ප්‍රජාව ලැබුණු පැමිණිලිවලින් අනතුරුව චීනය විසින් මෙම මරණ සංඛ්‍යාව හෙළිදරවු කර ඇත.

මේ සම්බන්ධයෙන් බීජිං වාර්තා කර තිබුණේ COVID -19 ව්‍යාප්තියේ හදිසි උච්චතම අවස්ථාව කෙමෙන් පහව යමින් ඇති බවයි. නිලධාරීන් පැවසුවේ කොවිඩ් උණ සහ හදිසි රෝහල් ගතවීම් ඉහළ ගොස් මේ වන විට කෙමෙන් අඩුවෙමින් පවතින බවයි. ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ නිලධාරියෙකු වන ජියාඕ යාහුයි ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කර තිබුණේ හදිසි ප්‍රතිකාර රෝගීන් සංඛ්‍යාව ද අඩුවෙමින් පවතින අතර COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ රෝගීන්ගේ අනුපාතය ද ක්‍රමයෙන් පහත වැටෙන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි