×

කාබුල් නුවර ඇදවැටීම 3: ‘‘අපි තලෙයිබානයට සපෝට්!‘‘ චීනය කියයි

තමන් තලෙයිබාන් සංවිධානය සමග මිත්‍රශීලී හා සහයෝගී සබඳතාවලට සූදානම් බව චීනය පවසයි.


ඇමරිකානු හමුදාව ඇෆග්නිස්ථානයෙන් ඉවත් වීම ආරම්භ වූ පසු චීනය තලෙයිබාන් සංවිධානය සමග නිල නොලත් සබඳතා පවත්වාගෙන ගිය බවට මීට පෙර තොරතුරු වාර්තා වී තිබිණි.

කිලෝමීටර 76 ක් හෙවත් සැතපුම් 47 ක් දිගට විහිදෙන දේශසීමාවක් චීනය, ඇෆ්ගනිස්ථානය සමග බෙදා ගනියි. මේ අතරින් චීනය දැඩි වෙනස්කම්වලට ලක් කරන උයිගුර් මුස්ලිම්වරුන් ජීවත් වන ෂින්ජියැන්ග් පළාත ද පිහිටා තිබෙන්නේ මෙම දේශසීමාව ආශ්‍රිතව ය. උයිගුර් සුළුතරයේ නැගී සිටීමකට ඇෆ්ගනිස්ථානය උදව් කරනු ඇතැයි චීනය තුළ යම් කිසි බියක් තිබූ බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.

නමුත්, පසුගිය මාසයේ ඉහළ පෙළේ තලෙයිබාන් නියෝජිත කණ්ඩායමක් චීන විදේශ අමාත්‍ය වැන්ග් යි ව තියැන්ජින් හිදී හමුවී තිබේ. එහිදී ඔවුන් පවසා තිබෙන්නේ ඇෆ්ගනිසථානය මිලිටරි කටයුතු සඳහා චීන භූමිය භාවිතා කිරීමේ අදහසක් නැති බව ය.

තලෙයිබානය තමන් සමග හොඳ හිත පවත්වාගෙන යාමට හිලව්ව වශයෙන්, ඇෆ්ගනිස්ථානය නැවත නගා සිටුවීමේ කටයුතුවලට සහාය ලබාදීම සහ ආර්ථික සහයෝගය ලබාදීමට චීනය එකඟ වී තිබේ.

කාබුල් අගනුවර ඇද වැටී ඇෆ්ගනිස්ථානය තුළ තලෙයිබාන් බලය තහවුුරු වීමත් සමග චීනය කියා තිබෙන්නේ,

‘‘සබඳතා තහවුරු කර ගැනීම සඳහා ලැබුණු මෙම අවස්ථාව සාදරයෙන් පිළිගන්නවා‘‘

යනුවෙනි.

ඇෆ්ගන් ජනතාවට සිය ඉරණම තීරණය කිරීමේ ස්වාධීන අයිතියක් ඇතැයි ද චීනය කියා තිබේ.

කෙසේ නමුත් මේ සියලු චීන ඩීල් පිටුපස තිබෙන්නේ සියවස් ගණනාවක් මුළුල්ලේ සේද මාවතේ කොටසක් වශයෙන් පැවති ඇෆ්ගනිස්ථානයේ භූ දේශපාලනික වැදගත්කම බව නොහරසකි. ඇෆ්ගනිස්ථානය දිනාගතහොත් චීනය කලාපීය භූ දේශපාලනය තුළ තව තවත් බලවත් වනු ඇත.

මූලාශ්‍රය – AFP



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි