BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ඇෆ්ගනිස්ථානයේත් චීනය වරායක් හදන පෙර නිමිති : කෝවිඩ් වැක්සින් මාත්‍රා මිලියන 3 ක් සමග කන්න අඳින්නත් දෙන්න පොරොන්දු

ඇෆ්ගනිස්ථානයට ඩොලර් මිලියන 31 ක් වටිනා ආහාර ද්‍රව්‍ය සහ කෝවිඩ් එන්නත් පරිත්‍යාග කිරීමට චීනය තීරණය කර තිබෙනවා.

 ඖෂධ, ශීත සෘතුවට අවශ්‍ය කරන ඇඳුම් ද මෙයට අයත් බව සඳහන්.

චීන විදේශ අමාත්‍ය මාධ්‍ය ප්‍රකාශක හුවා චුන්යින් මෙම තීරණය දැනුම් දුන්නේ ඇෆ්ගනිස්ථානයට අසල්වැසි රටවල විදේශ අමාත්‍යවරුන් මුණ ගැසුණු රැස්වීමේදී ය. ඇෆ්ගන් ජනතාව සඳහා ‘හදිසි භාවිතයට‘ අවශ්‍ය දේ සහනාධාර ලෙස ලබාදෙන්නට චීනය සූදානම් බව එහිදී පැවසිණි.

මේ අතර චීන විදේශ අමාත්‍ය වැන් යී පවසන්නේ පළමු අදියරේදී කෝවිඩ් වැක්සින් මාත්‍රා මිලියන 3 ක් ඇෆ්ගනිස්ථානයට ලබාදෙන බවයි. ඇමරිකාව ඇෆ්ගනිස්ථානයේ සංවර්ධනය පිළිබඳ වගකීමෙන් බැහැර නොවිය යුතු බව ද චීනය කියා තිබේ.

චීනය සහ ඇෆ්ගනිස්ථානය කිලෝමීටර 80 ක (සැතපුම් 50ක) දේශසීමාවක් ෂින්ජින් පළාත මායිම් කරමින් බෙදා හදා ගනිති. චීනය සමග ඇෆගන් නායකයන් සාකච්ඡා පවත්වන්නේ පසුගිය ජූලි මාසයේ පටන් ය. එහිදී තලෙයිබානය ‘ඇෆ්ගනිස්තානයේ හමුදා හා දේශපාලන බලයේ වැදගත් බලකායක්‘ යැයි චීනය පැවසුවේය.

එවිට තලෙයිබානය පැවසුවේ චීනය ‘හොඳ මිතුරෙක්‘ බවයි. තලෙයිබාන් මාධ්‍ය ප්‍රකාශක සුබිහුල්ලා මුජහිද් පවසා තිබෙන්නේ චීනය ඔවුන්ට ඉතා වැදගත් ප්‍රබල රටක් වන බවයි. තවද අතීතයේදී ඉතාම සුබවාදී සහ යහපත් සම්බන්ධතා චීනය සමග ඇෆ්ගනිස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවයි.

චීනය ට නොදෙවෙනි උනන්දුවක් දක්වන පුටින්ගේ රුසියාව, චීන සබඳතා පිළිබඳ දැනට කිසිවක් පවසා නැත. රුසියාව, සෝවියට් යුගයේ පටන්ම ඇෆග්නිස්ථානය සමග වරෙක සතුරෙකු ලෙස ද වරෙක මිතුරෙකු ලෙස ද සබඳතා පවත්වා තිබේ.

අනාගතයේදී චීනය, ඇෆ්ගනිස්ථානයට ණය දෙන්නට පටන් ගන්නවා ඇත. ඇෆ්ගනිස්ථානය පිහිටා තිබෙන්නේ ආසියාව දික්විජය කළ හැකි භූගෝලීය පිහිටීමක ය. අතීතයේ ඇෆ්ගනිස්ථානය ද ලංකාව මෙන්ම සේද මාවතේ පංගුකාරයෙකු විය.

චීනය අනාගතයේදී, සම්පූර්ණයෙන්ම ගොඩබිමෙන් වටවූ රටක් වන ඇෆ්ගනිස්තානයේ පවා වරායක් ඉදි කරන්නට ඉඩ කඩ තිබේ!


චිප් හිඟයයට පිලියමක්

ෆ්ලොරිඩාවට ඔබ්බෙන් වූ ‘මිනිස් ජාවාරම්’ බෝට්ටුවක් අනතුරකට ලක්​වේ

බුර්කිනෝ ෆාසෝ ජනපතිවරයා හමුදාවේ ප්‍රාණ ඇපයට

ප්‍රස්තා පිරුළක් කියා ජනපතිට අපහාස කළැයි තුර්කි මාධ්‍යවේදිනියක් සිරගත කරයි!

ලෝකයේ විශාල සමාගම් රැසක කඩාවැටීමක් – ලොකුම කෝටිපතියන්ට සතියක් ඇතුළත ඩොලර් බිලියන ගණනක් අහිමි වෙලා!

නවසීලන්ත ජනපතිනිය කෝවිඩ් වෙනුවෙන් සිය විවාහ උත්සවය ‘කැප කරයි’!

යේමන් බන්ධනාගාරයකට මාරක ගුවන් ප්‍රහාරයක් – 70කට වඩා මරුට

ශ්‍රී ලංකාවේ උභතෝකෝටිකය: ආහාර ද්‍රව්‍යද, විදුලිය සඳහා ඉන්ධන ද? – ජාත්‍යන්තර මාධ්‍ය ඇසින්

error: Content is protected !!
error: Content is protected !!