×

චීනයේ ආර්ථිකය වර්ධනය සියයට 4.5 කින් ඉහළට

මේ වසරේ දී විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින් රැකියා මිලියන 11 සිට රැකියා මිලියන 12 ක් නිර්මාණය කිරීමට ඔවුන් සැළසුම් කර තිබේ.


අද(18)දිනයේදී චීන රජය විසින් නිකුත් කරන ලද නිල ආර්ථික දත්තයන්ට අනුව, චීනයේ ආර්ථිකය 2023 පළමු කාර්තුවේදී 4.5%කින් වර්ධනයව ඇති බව වාර්තා වේ.

ඒ අනුව, චීනයේ දැඩි ශුන්‍ය-COVID ප්‍රතිපත්තිය ඉවත් කිරීමෙන් පසු ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් පවතින අයුරු දක්නට ලැබෙන බව ආර්ථික විද්‍යාඥයන් සඳහන් කර තිබේ.

ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත වලට අනුව සිල්ලර විකුණුම් වසරින් වසර 10.6%කින් වර්ධනයව ඇති අතර සේවා නිෂ්පාදනයන් 5.4%කින් ඉහළ ගොස් ඇත. චීනයේ කොමියුනිස්ට් පක්ෂය 2023 දී ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් රැකියා උත්පාදනය කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කර ඇති අතර එය මේ වසරේදී මේ වසරේ දී විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින් රැකියා මිලියන 11 සිට රැකියා මිලියන 12 ක් නිර්මාණය කිරීමට ඔවුන් සැළසුම් කර තිබේ.

2022 වසරේ අග භාගයේ වසරේ චීනයේ ක්‍රියාත්මක වූ දැඩි ශුන්‍ය-COVID ප්‍රතිපත්තිය හේතුවෙන් ආර්ථික වර්ධන වේගය 3% පමණ වූ අතර එය 1976 සිට වාර්තා වූ අඩුම‌ දෙවන අනුපාතය විය. මෙම තත්වය මහජන විරෝධතා රැල්ලක් ඇති කිරීමට සමත් වූ අතර එය පසුගිය දෙසැමිබරයේ දැඩි වසංගත උපාය මාර්ගය අත්හැරීමට බීජිං යොමු වීමට හේතු විය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි