×

චීනය වයසට යාමට පෙර පොහොසත් වීමට අපොහොසත් වේ.

බිලියන 1.4 ක ජනගහනයක් සිටින රට එහි ශ්‍රම බලකායේ වයස්ගත වන විට උපත් අනුපාතිකය වාර්තාගත ලෙස පහත වැටීම ආර්ථික වර්ධනයට බාධාවක් විය හැකි බවට පුරෝකතන ඉදිරිපත්ව තිබේ.


චීනයේ බීජිං හි ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛණවලට අනුව, චීනයේ ජනගහනය වසර 60කට පසු ප්‍රථම වරට පහත වැටී තිබේ. මෙය ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ ජාතිය සඳහා කේන්ද්‍රීය සාධකයක් වන අතර මෙමඟින් දිගු කාලීන ජනගහන පරිහානියක් අපේක්ෂා කරන බව විශ්ලේෂකයන් අනතුරු අඟවා තිබේ.

2022 අවසානයේ ජනගහනය 1,411,750,000 ක් වූ බව බීජිං හි ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය (NBS) අද(17)දිකයේදී වාර්තා කළ අතර එය පෙර වසර අවසානයට වඩා 850,000 ක අඩුවීමකි.

උපත් සංඛ්‍යාව මිලියන 9.56 ක් වූ අතර, මරණ සංඛ්‍යාව මිලියන 10.41 ක් බව NBS පවසයි. ඒ අනුව බිලියන 1.4 ක ජනගහනයක් සිටින රට එහි ශ්‍රම බලකායේ වයස්ගත වන විට උපත් අනුපාතිකය වාර්තාගත ලෙස පහත වැටීම ආර්ථික වර්ධනයට බාධාවක් විය හැකි බවට පුරෝකතන ඉදිරිපත්ව තිබේ.

මාඕ සේතුංගේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය නිසා ඇති වූ දරුණුතම සාගතයට එරෙහිව සටන් කළ චීනයේ ජනගහනය අවසන් වරට අඩු වූයේ 1960 දී ය. ඉන් අනතුරුව 1980 ගණන්වල පනවන ලද අධික ජනගහන බිය හේතුවෙන් චීනය සිය දැඩි “එක දරු ප්‍රතිපත්තිය” 2016 දී අවසන් කළ අතර 2021 දී ජෝඩුවලට දරුවන් තිදෙනෙකු ලැබීමට ඉඩ දීම ආරම්භ කළේය.

බොහෝ අය පෙන්වා දෙන්නේ ඉහළ යන ජීවන වියදම, විශේෂයෙන් නගරවල නිවාස සම්බන්ධයෙන් ඇති තරඟය මෙන්ම ශ්‍රම බලකායේ සහ උසස් අධ්‍යාපනය අපේක්ෂා කරන කාන්තාවන්ගේ මැදිහත්වීහ ආදිය‌ හේතුවෙන් ඔවුන් විවාහය ප්‍රමාද කිරීම හෝ දරුවන් බලාපොරොත්තු නොවීම මෙයට හේතු බවයි.

මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු වන Xiujian Peng ප්‍රකාශ කර තිබුණේ උපත් දිරිමත් කිරීම සඳහා චීන රජය ඵලදායී ප්‍රතිපත්ති සොයා ගත යුතු අතර, එසේ නොවුවහොත්, සාරවත් බව තවත් පහත වැටෙනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි