×

ෂී සෞදි අරාබියේ සංචාරයක; දෙරට අතර ඩොලර් බිලියන 29 ක් වටිනා මූලික ගිවිසුම් අත්සන් කෙරේ.

මෙම සංචාරයේ ප්‍රතිඵලයක් වශයෙන් අනාගත NEOM ලෙස හැඳින්වෙන ඩොලර් බිලියන 500ක මෙගාසිටි ව්‍යාපෘතියක් ඉදිරියේදී ඇරඹීමට නියමිත බවද වාර්තා වේ .


චීන ජනාධිපති ෂී ජින්පින් මේ සතියේ සෞදි අරාබියේ තෙදින සංචාරයක නිරත වන අතර, මෙය ඔහුගේ පළමු සෞදි අරාබියානු සංචාරයයි.

සෞදි අරාබියේ සල්මාන් රජුගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදුවන අතර දෙරට අතර ඓතිහාසික සබඳතා සහ උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම හා දෙරට අතර ඩොලර් බිලියන 29.26 ක් වටිනා මූලික ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බව නිල සෞදි පුවත්පත් ඒජන්සිය (SPA) වාර්තා කර තිබේ.


චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිළිබඳව නිවේදනය කර ඇත්තේ ෂී සෞදි අරාබි සංචාරයක නිරත වන අතර රියාද්හි පැවැත්වෙන පළමු චීන-අරාබි රාජ්‍ය සමුළුවට සහභාගී වීම අරමුණු වන බවයි.

චීන ජනාධිපතිවරයා කොමියුනිස්ට් පක්ෂය විසින් ඉතිහාසයේ නොවූ විරූ ලෙස තුන්වන වරට ජනාධිපති ලෙස තහවුරු කිරීමෙන් අනතුරුව එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර ජාතීන් සමඟ ඇති සබඳතාවල වර්ධනය කර ගන්නවාත් සමඟ මැද පෙරදිග රටවල් සමඟ ද සිය සබඳතා ඇරඹීම මෙමඟින් සිදු වේ.

රියාද් වෙත ඊයේ (07) දිනයේ පැමිණි චීන ජනාධිපතිවරයා ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් (MBS)විසින් මහත් උත්කර්ෂයෙන් පිළිගනු ලැබූ අතර එය ජූලි මාසයේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන්ට ලබා දුන් නිහඬ පිළිගැනීමට වඩා කැපී පෙනෙන බව විශ්ලේෂකයන් ප්‍රකාශ කර තිබේ.

සංචාරය අතර ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමට සූදානම් වන අතර සෞදියේ විශාලතම තෙල් ආනයනය කරන්නා ලෙස, චීනය වැදගත් හවුල්කරුවක් වන අතර දෙරට අතර මිලිටරි සබඳතා ශක්තිමත්ව වර්ධනය වෙමින් පවතීයි.

චීන ජනාධිපතිගේ ලොව පුරා විහිදෙන යටිතල පහසුකම් ව්‍යාපෘතිය වන Beijing’s Belt and Road Initiative සමඟ සමපාත වූ බලශක්ති ගනුදෙනු සහ කලාපීය ආර්ථික ගිවිසුම් පිළිබඳ මෙහිදී සාකච්ඡා පැවැත්වෙන අතර මෙම සංචාරයේ ප්‍රතිඵලයක් වශයෙන් අනාගත NEOM ලෙස හැඳින්වෙන ඩොලර් බිලියන 500ක මෙගාසිටි ව්‍යාපෘතියක් ඉදිරියේදී ඇරඹීමට නියමිත බවද වාර්තා වේ .

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි