×

කොරෝනා නිසා චීන නිපැයුම් සීග්‍රයෙන් පහළට, පරිසර දූෂණයත් පහළට

නාසා පවසන්නේ චීන නිෂ්පාදනයේ පහත වැටීම තුළ රට පුරා නයිට්‍රජන් ඩයොක්සයිඩ් සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවයි


 

චීනයේ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලා හී ක්‍රියාකාරකම් සීග්‍රයෙන් පහත වැටීම ආරම්භ කර ඇත.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සදහා බොහෝ කර්මාන්ත ශාලා වසා දැමීම සහ නිෂ්පාදන කටයුතු පාලනය සදහා පියවර ගැනීමත් සමග මෙම තත්ත්වය උදා වී ඇත.

ඒත් සමග එරට මිලදී ගැනීමේ කළමණාකරුවන්ගේ දර්ශකයේ අගය (PMI) ජනවාරි මාසයට අදාලව 50 සිිට 35.7 දක්වා පහත වැටී ඇත. පසුගිය දශකය තුළ ලෝකය පුරා ඇති වූ මූල්‍ය අර්බුදයට වඩා කොරෝනා වෛරසය මගින් ලෝක ආර්ථිකයට විශාල බලපෑමක් සිදුව ඇති බව මෙමගින් පැහැදිලිව පෙනී යයි.

කර්මාන්තශාලා හිමියන් පවසන්නේ මේ වන විට ශ්‍රම බලකායේ සිදුව ඇති සීග්‍ර පහත වැටීමට තමන්ට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි.

චීනය සමස්ත ලෝක නිෂ්පාදනයේ තුනෙන් එකක් වන අතර ලෝකයේ විශාලතම අපනයන කරුවා වෙයි. ඒ හේතුවෙන් මෙසේ චීනයේ මිලදී ගැනීමේ කළමණාකරුවන්ගේ දර්ශකයේ අගය පහත වැටීම ලෝකයේ අනෙක් රටවල ආර්ථීකයටද අති විශාල බලපෑමක් එල්ල කරනු ඇත බවට ජාත්‍යන්තර ආර්ථික විශ්ලේශකයින් පෙන්වා දෙයි.

ලෝකයේ කර්මාන්ත ශාලාව ලෙස සළකන චීන නිශ්පාදන ක්‍රියාවලියේ මෙම කඩා වැටීම මත චීනයේ නිෂ්පාදන හා පාරිභෝගික වෙළඳපොල මත යැපෙන ඇපල්, ඩියාජියෝ, ජගුවාර් ලෑන්ඩ් රෝවර් සහ වොක්ස්වැගන් වැනි සමාගම්ද දැඩි බලපෑමට ලක්ව ඇත. තව දුරටත් මෙම කර්මාන්ත ශාලා මේ අයුරින් පවත්වාගෙන යෑම හෝ නැවත යථා තත්ත්වයට පත්වීම මේ වන විට විශාල අර්බුදයක් වී ඇත.

බ්ලූම් බර්ග් ඉකොනොමික්ස් අනුව මෙම සතියේ චීන කර්මාන්තශාලා ක්‍රියාත්මක වූ ධාරිතාව 60% සිට 70% දක්වා වෙයි.

කොරොනා වයිරසය චීනයේ ව්‍යාපාර හා වියදම් කෙරෙහි ඇති කර ඇති බලපෑම හේතුවෙන් මේ වසරේ මුල් භාගයේදී චීනයේ ආර්ථික වර්ධනය සැලකිය යුතු ලෙස බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙලෙස කඩාවැටෙන තත්ත්වය පිළිබඳව අනතුරු අඟවන සමාගම් සංඛ්‍යාව ඉහළ යාමෙන් පසු මේ සතියේ ඇමරිකාවේ ඇතුළු ලොව පුරා කොටස් වෙලඳපොල රැසක් විශාල ලෙස පහත වැටුණි.

චීන නිෂ්පාදනයේ පහත වැටීම තුළ එක් යහපතක් වන්නේ රට පුරා නයිට්‍රජන් ඩයොක්සයිඩ් සැලකිය යුතු ලෙස අඩුවී ඇති බව නාසා පැවසීමයි.

An image released by Nasa shows how pollution levels have dropped in Wuhan this year



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි