×

CIA සංවිධානය දණ ගැස්වූ ඔත්තුකරුවා – ෆිලිප් ඒගී

CIA මෙහෙයුමක් ලෙසින් ඉරානයේ අංක එකේ ජනරාල් ක්වාසම් සොලෙයිමනී මරා දැමීම නිසා CIA හෙවත් ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය ලෝකයේම කතා බහට ලක් වුවත්, CIA සංවිධානයේ නිරුවත හෙළි කළ ඔත්තුකරුවෝ ද එම සංවිධානය තුළම සිටිති.


ෆිලිප් බර්නෙට් ෆ්රෑන්ක්ලින් ඒගී නිසා CIA හෙවත් ඇමරිකානු මධ්යම රහස් ඔත්තු සේවය, ලෝකයේ සිනහවට බඳුන් වන තැනට වැඩ සැලසිණි.

සේවාස්ථානයට ද්‍රෝහි වීමට ඔහුට ඇවැසි වී යැයි ඇතැම්හු කීහ. තවත් අය කීවේ සේවාස්ථානයේ තිබෙන ද්‍රෝහි කම් හෙළිකිරීමට ඔහුට ඇවැසි වූ බවයි. නමුත් ඔහු කීවේ සිය රෝමානු කතෝලික හෘද සාක්ෂිය එම අකටයුතුකම්වලට සහාය ලබාදීම ප්‍රතික්ෂේප කර සිටි බවයි. මේ සියල්ල අතරේ ඔහුගේ හදවත කැළඹූ පෙම් කතාවක් ද දෛවය වෙනස්කිරීමට මග පාදා තිබිණි.

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ධනවත් පවුලක උපත ලබා නොත්‍රදාම් සරසවියෙන් සහ ෆ්ලොරිඩා නීති පාසලෙන් අධ්‍යාපනය ලද ඒගී, නීති උපාධිය සම්පූර්ණ නොකරම සිය පළමු රැකියාව ලෙස බැඳුණේ ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයට ය. එහිදී තුන් අවුරුදු හමුදා පුහුණුව ලැබීමෙන් අනතුරුව අට වසරක් උරුගුවේ, මෙක්සිකෝ සහ ඉක්වදෝරයේ සේවය කළේය. ඇන්ජෙලා කැමර්ගෝ සෙයික්සාස් නමැති බ්‍රසීල ජාතික කාන්තාවක් ඔහුට ඇසුරු කරන්නට ලැබුණේ මේ අතරවාරයේ ය. ඇන්ජෙලා වාමාංශික ක්‍රියාකාරිනියක වූවාය. බ්‍රසීල ආරක්ෂක අංශ විසින් ඇය ව අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවා තිබිණි. පසු කලෙක ඇය ඒගී ගේ පෙම්වතිය බවටද පත්වූවාය. ඒගී 1975 වසරේ පළවූ ‘‘ඉන්සයිඞ් ද කම්පනි-සීඅයිඒ ඩයරි’ නම් කෘතියේ මෙසේ ලීවේය. ‘‘මා CIA සංවිධානයට බැඳුණේ එය පැවතිය යුතු දෙයක්ය යන හැඟීම නිසාය. දැන්, දොළොස්වසරකට පසු, ලොව පුරා මිලියන ගණනක් දෙනාගේ ජීවිත සීඅයිඒ නිසා හෝ එයට සම්බන්ධිත වෙනත් ආයතන නිසා විනාශ වී ඇති අයුරු දකිමින් විඳවමි..’’.

1968 වසරේ සිදුවූ මෙක්සිකානු මහා ශිෂ්‍ය ඝාතනය වූ ටැල්ටෙලොල්කෝ සංහාරය හෙළාදුටු ඒගී සංවිධානය හැර යන්නට තීරණය කළේය. ඒ වන විට සීඅයිඒ බලධාරීන් තමන්ගේ රාජකාරි සාධනය පිළිබඳ ඉතා ප්‍රශංසනීය අදහස් දැරූ බව ඒගී පවසයි. ඔහු තවත් උසස් වීමක එළිපත්තේ සිටියේය. එනිසා ඉල්ලා අස්වන බව කී විට ඔහුගේ වැඩ අධීක්ෂකයා විසල් කර ගත් දෑසින් බලා සිටියේය.

සංවිධානය හැර යාමෙන් පසු ඔහුගේ ඉලක්කය KGB ඔත්තුසේවය සහ කියුබානු රහස් ඔත්තු සේවයයි. හිටපු කේබීජී බුද්ධි අංශ ප්‍රධානී ඔලෙග් කලූගින් සඳහන් කළේ 1973 වසරේදී ඒගී මෙක්සිකෝ නුවර පිහිටා තිබෙන කේබීජී කාර්යාලය වෙත ගොස් සිය රහස් බෙදාහදාගැනීමට කැමැත්ත පළ කර සිටි බවය. ‘‘ඒගී ඉන්පසු කියුබානුවන් වෙත ගියා… ඔවුන් දෑත් විහිදා ඔහු ව පිළිගත්තා. කියුබානුවන් ඔහු දුන් තොරතුරු අප සමග බෙදාගත්තා. මොස්කව් නුවර මගේ කාර්යාලයේ සිට ඒ සටහන් කියවමින් සිටින විට මා අපේ නිලධාරීන්ට ශාප කළේ අපි ඔහුට යන්න ඇරියේ ඇයි යැයි සිතමින්..’’

නීති ප්‍රශ්න නිසා ඇමරිකාවේ නොව බ්‍රිතාන්‍යයේ පළ වූ ඒගී ගේ CIA Diares මහත් ආන්දෝලනයක් ඇති කළේය. ඒ වන විට ඔහු ජීවත්වූයේ ලන්ඩනයේය. සිය ගණනක් වූ CIA ඔත්තුකාරයන් ඔහු එහි නම් සමගින් හෙළිදරව් කර තිබුණේය. ඩොලර් ලක්ෂ ගණනක් වැය කර එම නියෝජිතයන්ගෙන් ඇතැමෙක් නැවත කැඳවීමට ද මේ නිසා CIA සංවිධානයට සිදුවිය. පොත ඉතා ඉක්මනින් විකිණී අවසන් විය. දිනපොතක ස්වභාවයෙන් ලියා තිබූ එහි අන්තර්ගත වූයේ ඒජී සිය මතකය සහ පර්යේෂණ තුළින් ලබාගත් කරුණු ය.

1960 වසරේදී තමන්ට පැවරුණු පළමු රාජකාරිය ඉක්වදෝරය සහ කියුබාව අතර රාජ්ය තාන්ති්රක විරසකයක් නිර්මාණය කිරීම බව ඔහු හෙළි කළේය. අල්ලස, තර්ජනය, කරදර කිරීම් සහ වංචාව යන ‘ශිල්පීය ක්රම’ ඒ සඳහා භාවිතා කරමින් ඔහු දින 4 ක් ඉක්වදෝරයේ නතර වී සිටියේය. මෙහෙයුම සාර්ථක විය.

තවද CIA නියෝජිතයන් ලෙස කටයුතු කරන රාජ්‍ය නායකයන් ද ඒගීසිය පොත මගින් හෙළි කළේය. කොස්ටාරිකා ජනපති ජොසේ ෆිගුවරෙස් ෆෙරර්, මෙක්සිකානු ජනපති (1970-1976) ලූයිස් අල්වාරේස් සහ එවකට කොළොම්බියානු ජනපති ව සිටි අල්ෆොන්සෝ ලෝපේස් ද ඒ අතර වූහ.

පෝලන්තයේ සිටි, පොතෙහි නම් වශයෙන් දක්වා තිබූ සීඅයිඒ නියෝජිතයන් දෙදෙනෙක් ව ඝාතනයට ලක්වීමත් සමග ඇමරිකාව බ්‍රිතාන්‍යයට බලපෑම් කරන්නට ගත්තේ ඒගී ව වහාම රටෙන් පිටුවහල් කළ යුතු බව කියමිනි. අවසානයේ බ්‍රිතාන්‍යෙයන් පමණක් නොව නෙදර්ලන්තය, ඉතාලිය, ප්රංශය, බටහිර ජර්මනිය යන රටවල්වලින්ද පිටුවහල් කළ ඒගී අවසානයේ නතරවූයේ කියුබාවේය. ඉන් අනතුරුවද ‘කවුන්ටර් ස්පයි‘ යනුවෙන් සඟරාවක් පළ කළ ඔහු, එහි එක් තීරයක් වෙන් කළේ ඔත්තුකරුවන් ගේ නම් සහ පදිංචි ස්ථානයන්හි ලිපින හෙළිදරව් කිරීම සඳහා ය.

Persconferentie ex-CIA-agent Philip Agee in verband met uitwijzing uit Nederland; Philip Agee
*19 december 1977

ඇතන්ස් අගනුවර රාජ්‍ය තාන්ත්‍රික තනතුරට ආවරණය වී කටයුතු කළ CIA නියෝජිතයෙකුු වූ රිචඩ් වෙල්ච් ඉන්පසු ඝාතනයට ලක්විය. අවසානයේ 1980 වසරේ ඇමරිකාව බුද්ධි අංශ සාමාජිකයන්ගේ අනන්‍යතාවය සුරැකීමේ පනත යනුවෙන් අලූත් නීතියක් ගෙනැවිත් ඒගී ගේ සඟරාව තහනම් කර දැමුවේය. මිය යන තෙක්ම කියුබාවේ සිට වෙබ් අඩවියක් පවත්වාගෙන යාමටත් ඒගී පැකිලූණේ නැත.

CIA සංවිධානයේ පණස්වැනි සංවත්සරය සමරන දා, එවකට ඇමරිකානු ජනපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ඒගීව හඳුන්වාදුන්නේ ද්‍රෝහිකමේ සංකේතයක් ලෙසිනි. නමුත් දශක හතකරට ආසන්න කාලයක් ඇමරිකාව ඔහු සමග බද්ධ වෛරයෙන් පෙළුණේ වී නමුත් කියුබාවේ හවානා නුවරදී 2008 වසරේ එනම් වයස 72 ක් ආයු වළඳා ආන්ත්රික ප්රදාහයක් හේතුවෙන් මිය යන තෙක්ම ඔහු හෝ ඔහුගේ පවුල වූ පළමු විවාහයේ පුතුන් දෙදෙනාගේත් ජර්මානු නෘත්යාංගනාවක වූ දෙවන බිරිඳගේත් කෙස් ගසකටවත් හානි කිරීමට ඇමරිකානු බලධාරීන් සමත් වූයේ නැත.

Alchetron

Alchetron

ලෝකයේ රටවල් ගණනාවක තහනම් කළ නමුත් අද දක්වා ද ඒගී ගේ ‘ඉන්සයිඩ් ද කම්පැනි – සීඅයිඒ ඩයරි‘ කෘතියේ සම්පූර්ණ අන්තර්ගතය අන්තර්ජාලයේ ගැබ් කර තිබේ. පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ කෘතියයි.

Full text of “inside-the-company-cia-diary-philip-agee.pdf (PDFy mirror)”

ඔත්තුකාරයෝ # 1

නොනිදන ඔත්තුකාරයා – ඇලන් පින්කර්ටන්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි