×

‘ප්‍රහසන වනජීවී ඡායාරූප සම්මාන 2022’ සඳහා ලැයිස්තුගත කර ඇති ඡායාරූප

සංවිධායකයන් ප්‍රකාශ කර තිබුණේ වනජීවී ඡායාරූපකරණයේ සැහැල්ලු, හාස්‍යජනක පැත්ත කෙරෙහි අවධානය යොමු කරමින් වනජීවී සංරක්ෂණය ප්‍රවර්ධනය මෙමඟින් බලාපොරොත්තු වූ බවයි.


2022 ප්‍රහසන වනජීවී ඡායාරූප සම්මාන සඳහා ලැයිස්තුගත කර ඇති පින්තූර අතරට පෙන්ගුයින්, බිහිසුණු වඳුරෙකු සහ සීබ්‍රා ඇතුළු ඡායාරූප රැසක් අන්තර්ගත වේ.

මෙම සම්මාන 2015 දී වෘත්තීය ඡායාරූප ශිල්පීන් වන Paul Joynson-Hicks සහ Tom Sullam විසින් ආරම්භ කරන ලදි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සංවිධායකයන් ප්‍රකාශ කර තිබුණේ වනජීවී ඡායාරූපකරණයේ සැහැල්ලු, හාස්‍යජනක පැත්ත කෙරෙහි අවධානය යොමු කරමින් වනජීවී සංරක්ෂණය ප්‍රවර්ධනය මෙමඟින් බලාපොරොත්තු වූ බවයි.

නොවැම්බර් 27 වනදා දක්වා www.comedywildlifephoto.com යන වෙබ් අඩවියෙන් ඔවුන් වෙනුවෙන් ඔබේ මනාපය ලබා දිය හැකි අතර, සමස්ත ජයග්‍රාහකයින් දෙසැම්බර් 8 වන දින ප්‍රකාශයට පත් කරනු ඇත. පසුගිය වසරේ තරඟයේදී සමස්ත ජයග්‍රාහකයා වූයේ කෙන් ජෙන්සන්ය.

සශිකලා මධුෂාණී_

ඡායාරූප :CNN travel



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි