×

දේශ සීමා පැරදවූ ”කොරෝනා” ඉතාලියත් පසු කර යුරෝපයට

නවතම වාර්ථා අනුව මේ වන විට ලෝකය පුරා කොරෝනා වෛරසය ආසාදිත පිරිස 78000 ඉක්මවන අතර චීනයේදී පමණක් මිය ගිය පිරිස 2751ක් වේ.


 

යුරෝපා රාජ්‍ය්‍යන් 11කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට සිය රටවලින් පළමු වරට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් වාර්ථා කරමින් සිටී. ඔස්ට්‍රියාව, ක්‍රොඒෂියාව,ස්විට්සර්ලන්තය ආදී මෙම රටවල් ප්‍රකාශ කර සිටින්නේ අප්‍රිකාවේ අල්ජීරියාව, ඉතාලිය ආදී රටවල සිට ආ පුද්ගලයන්ගෙන් මෙසේ රෝගය සංක්‍රමණය වී ඇති බවයි. මේ අතර ඉතාලියේ සිට නැවත පැමිණි බ්‍රසීල ජාතිකයෙකු හේතුවෙන් ලතින් ඇමරිකාව සිය පළමු කොරෝනා වෛරසය ආසාදිත රොගියා වාර්ථා කරයි.

ඉතාලිය කොරෝනා වෛරසයේ දරුණුතම බලපෑමට ලක් වූ යුරෝපා රාජ්‍ය  වන අතර මේ වන විට රෝගීන් 300 දෙනෙකු ද මරණ 11ක්ද වාර්ථා වී ඇත. මෙම පසුබිමත් සමග අසල් වැසි රාජ්‍යයන් පවසන්නේ දේශසීමා වසා දැමීම රෝගය පැතිරී යෑම වැළැක්වීමේ මාර්ගය වුවත් එය අසාධාරණ සහ අසමාන ක්‍රියාවක් වනු ඇති බවයි.
පසුගියදා පැවති යුරෝපා සංගම් කොමිසමේ සාමාජික රාජ්‍ය්‍යන් හී සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීමකදී මෙසේ දේශ සීමා වසා නොතැබීමට අදාළ රටවල් එකග විය.

Image result for Coronavirus: Outbreak spreads in Europe from Italy

මේ අතර එක්සත් රාජධානිය විසින් උතුරු ඉතාලියේ සිට පාසැල් නිවාඩුව අවසන්ව පැමිණි දරුවන් නැවතත් සිය රට කරා ආපසු යවා ඇති අතර සංදාරකයින් හට දැඩි උපදේශන මාලාවක් ඉදිරිපත් කර ඇත. නමුත් එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසන්නේ සෑම වසරකම ඉතාලියේ සිට ගුවනින් සංචාරය කරන මිලියන 3ක් පමණ වන බ්‍රිතාන්‍ය සංචාරකයින් ට සීමා පනවමින් ඉතාලියේ සිට ගුවන් ගමන් නැවැතීමට කිසිදු අපේක්ෂාවක් නැති බවයි.

ඉතාලිය දෙස බලන්න ඔවුන් චීනයෙන් පැමිණෙන සියළු ගුවන් ගමන් නවතා දැමුවත් අද වන විට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්ථා වන රටක් බවට ඉතාලිය පත් වෙලා… ඔහු පවසයි.

මේ වන විට යුරොපා රටවල් අතර ඉතාලිය, කොඒෂියාව,ස්විට්සර්ලන්තය, ස්පාඤ්ඤය, ප්‍රංශය , ජර්මනිය ඇතුළු යරෝපා රටවල් 11ක රෝගීණ් වාර්ථාවන අතර ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයා කොරෝනා රෝගය ආසාදනය වී මිය යෑමත් සමග එරට වාර්ථා වන රෝගීන් සංඛ්‍යාව 100 ඉක්මන බව වාර්ථා වේ. දකුණූ කොරියාවේ ආසාධිතයින් 1000 ඉක්මවමින් තිබෙන අතර මිය ගිය සංඛ්‍යාව 10ක් වේ. චීනයෙන් පිටත මේ වන විට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්ථා වන්නේ දකුණු කොරියාවෙනි.

නවතම වාර්ථා අනුව මේ වන විට ලෝකය පුරා කොරෝනා වෛරසය ආසාදිත පිරිස 78000 ඉක්මවන අතර චීනයේදී පමණක් මිය ගිය පිරිස 2751ක් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි