×

කොවිඩ්-19: ධනවාදයේ සතුරා කියුබාවෙන් තවත් සමාජ සත්කාරයක්!

“මෙම ක්‍රම‌වේදය තුළින් හවානා නගරයේ පුද්ගලයින් හට ප්‍රතිකාර කිරීමට අප සමත් වූවා. අනෙත් පළාත් වලින් ද පුද්ගලයින් මේ සඳහා දැන් බඳවා ගනු ලබනවා.”


ඇමරිකාවේ වෛරයට තුඩුදුන් ධ‌නේෂ්වරයේ සතුරා වශයෙන් සැලකෙන ‌කියුබාව වත්මන් කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වය පුරාවට පුවත් මවන්නකු බවට පත්ව තිබු‌ණේ සිය සමාජවාදයේ මානූශීය පැතිකඩ පෙන්වමින් බොහෝ මෙහෙයුම් දියත් කිරීම සමඟිනි.

විටක ලොවක් ප්‍රතික්ෂේප කළ ‌කොරෝනා ආසාදිතයින් රැගත් ‌නෞකාවක් සිය රාජ්‍යයේ වරාය වෙත ගොඩබෑමට ඉඩ සැලැස්වීමද, කො‌රෝනා ආසාදිත පුද්ගලයින් ‌‌වෙත පිහිට වීම සඳහා සිය වෛද්‍ය කණ්ඩායම් ඉතාලිය, ස්පාඥ්ඥය ඇතුළු රාජ්‍යයන් වෙත පිටත් කර හැරීම වැනි බොහෝ මානුශීය මෙහෙයුම් රැසක් දියත් කිරීම සම්බන්ධයෙන් කියුබාව පසුගිය කාලවකවානුව තුළ කා අතරත් කතාබහට ලක්ව තිබිණි.

කියුබා‌වේ මානුශීය මෙහෙයුම් පිළිබඳ ‌ලෝක බලවතුන් සිය නිහතමානී ප්‍රශංසාව පළ නොකළද, කොරෝනා මර්දනයට කියුබාව ලබා දුන් දායකත්වය ජාත්‍යන්තර මට්ටමින් ඇගයීමට ලක්නොවූව ද, මානව සංහතියේ සුබසිද්ධිය උදෙසා සිය කර්තව්‍යය දිගටම කිරීමට කියුබාව කිසිවිටකත් අමතක නොකරයි.

කියුබාවේ ජාතික රක්තවේද හා ප්‍රතිශක්තිකරණ විද්‍යා ආයතනය (National Institute of Hematology and Immunology – IHI) පසුගිය දිනක නිවේදනය කර තිබුණේ මූලික ‌සෛල (stem cells) භාවිතා කිරීම තුළින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ක්‍රමවේදයන් හඳුනා ගැනීමට විද්‍යාත්මක පර්යේෂණ සිදුකරනා බවයි.

මෙම විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය කොන්සු‌වෙ‌ලෝ මකායස් ඒබ්‍රහම් මහත්මිය ට අනුව, මේ සඳහා ඔවුන් යොදාගනු ලබන්නේ පෙනහළු වල තුවාල සහිත කොවිඩ්-19 ආසාදිත වැඩිහිටි පුද්ගලයින්ගේ මූලික ‌සෛල වේ.

‌‌ශ්වසන ආබාධ සහිතව ‌‌රෝහල්ගත කළ පුද්ගලයින් අතරින් ‌‌කොවිඩ්-19 ආසාදිත බරපතල තත්ත්වයේ පසුවන රෝගීන් ‌‌මෙම අධ්‍යයනය සඳහා යොදා ගන්නා බව ඈ පැවසීය.

“නව කොරෝනා වෛරසය ආසාදනය වීම තුළින් ඔවුන්ගේ පෙනහළු වල තිබූ තන්තුමය හෝ ඉදිමුම් ස්වරූපයෙන් පැවති තුවලා ස්ථිර වශයෙන් ම රැඳී ති‌‌බෙන බව සොයාගැනීමට අපට හැකිවූවා. ‌‌‌මෙය හඳුනා ගැනීම සඳහා අධි-විභේදන සහිත පරිගණකගත අක්ෂි ටොමොග්‍රැෆි යන්ත්‍රයක් (high-resolution Computerized Axial Tomography – CAT) අපට උපකාරී වූවා,”

ඒ මහත්මිය අවධාරණය කළාය.

ඒබ්‍රහම් මහත්මියට අනුව, කොරෝනා ආසාදනයෙන් පසුව අභ්‍යන්තරයේ හටගන්නා තන්තුමය ඉදිමුම් තුවාල ‌හෝ පුප්ඵුශීය ආශ්‍රිත අන්තරාසර්ග වල ඇතිවන තුවාල සුව කිරීම තුළින් ‌‌‌කො‌රෝනා ආසාදනය සිරුර තුළ වර්ධනය වීම සීමා කරවන බවට විශ්වාසදායක සාක්ෂි හමුවී ඇති අතර, එමඟින් ‌රෝගියා ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම මෙම අධ්‍යයනයේ අරමුණ වේ.

ඒ අනුව, ‌කොරෝනා ආසාදනය වීම මත පෙනහළු ආශ්‍රිත රෝග පවතින අසාද්‍ය තත්ත්වයේ පසුවන රෝගීන් සුව කිරීම ට අවස්ථාව ලැබෙනු ඇත.

“මෙම ක්‍රම‌වේදය තුළින් හවානා නගරයේ පුද්ගලයින් හට ප්‍රතිකාර කිරීමට අප සමත් වූවා. අනෙත් පළාත් වලින් ද පුද්ගලයින් මේ සඳහා දැන් බඳවා ගනු ලබනවා.”

එමෙන්ම, මෙම පර්‌යේෂණ තුළින් ප්‍රාථමික මට්ටමද ඇතුළුව කියුබාවේ ජාතික සෞඛ්‍ය පද්ධතිය තුළ සුවය ලැබූ රෝගීයා ගේ ආරක්ෂාව තහවුරු කළ හැකි මෙන්ම, පළමු මට්ටමේ අධ්‍යයනයන් දියත් කිරීම සහ ජාතික සෞඛ්‍ය පද්ධතියට මෙම ක්‍රමවේදය අනුයුක්ත කිරීම සඳහා ඇති ඉඩකඩ පිළිබඳව ද සොයා බලන බව ඈ වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

කියුබාවේ මහජන සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන අන්දමට ගතවූ පැය 24 තුළ කොරෝනා ආසාදිත පුද්ගලයින් 15 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර, කිසිදු මරණයක් වාර්තා වී නොමැත.

කියුබා‌වේ සමස්ත කො‌රෝනා ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 1931 ලෙස සටහන් වන අතර, 177 දෙනෙකු රෝහල් ගත ව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

.

සමාජවා‌දෙ?? එහෙම තමයි කියුබාවේ!

කියුබා‌වේ සමස්ත දළ දේශීය නිශ්පාදිතය (GDP) ඇමරිකා එක්සත් ජනපදය පර්‌යේෂණ සඳහා වැය කරන මුදලටත් වඩා ඉතා අඩු (අඩක් පමණ) වන අතර, ඇමරිකාවට සා‌පේක්ෂව විද්‍යාත්මක පර්‌‌‌යේෂණ සඳහා වැඩි ආයෝජනයක් සිදුකරන රාජ්‍යයක් වශ‌‌යෙන් කියුබාව හඳුනා ගෙන ඇති බවට සයන්ටිෆික් ඇමරිකන් පුවත්පත වාර්තා කරයි.

‌වෙනත් රජයන් ට සාපේක්ෂව කියුබානු රජය ජෛව ‌විද්‍යාත්මක පර්යේෂණ සඳහා වැඩි අනුග්‍රහයක් ලබා දෙන අතර, අඩුවියදමින් එන්නත් නිර්මාණය කිරීම, පිළිකා සඳහා ප්‍රතිකර්ම ක්‍රම වැඩිදියුණු කිරීම, ළදරු ආබාධ සඳහා අවශ්‍ය පරීක්ෂණ වැඩිදියුණු කිරීම ආදී අතිවිශිෂ්ට සේවාවක් ලබා දීමට කියුබාව සමත් ව ඇත.

මීට අමතරව, වෛද්‍ය විද්‍යාත්මක සාර්ථකභාවය හා ඇතැම් පර්යේෂණ වල ඵලදායීතාව හා ගුණාත්මකභාවය අතින් ලෝක බලවතුන් මවිතයට පත්කිරීමට කියුබාව සමත් ව තිබේ.

ඇමරිකාව විසින් කියුබාව වෙත පනවා ඇති සම්බාධක හමු‌‌‌වේ වෛද්‍ය විද්‍යාත්මක උපකරණ මිළදී ගැනීමට ‌නොහැකි තත්ත්වයක් තුළ පවා මෙසේ සාර්ථකභාවයක් ඉස්මතු වීම ඔවුන්ගේ විශ්මය ‌දෙගුණ කරවීමට සමත්ව තිබේ.

සමාජවාදී පාලන තන්ත්‍රයක් ඇතිකරලීමෙහි ක්‍රියාන්විතය තුළ ෆි‌දෙල් කස්ත්‍රෝ විසින් පළමු වරට පාලන බලය ලබා ගන්නා විට, ඔහු ලබා දුන් ප්‍රමුඛතාවයක් වූයේ විශ්වීය සාක්ෂරතාවයක් කියුබාව තුළ ස්ථාපිත කිරීමයි.

එමෙන්ම දැනුම මත පදනම් වූ හා නව ‌සොයාගැනීම් මත පදනම් වූ සංවර්ධනයකට ඔහු ප්‍රමුඛත්වය ලබා දුන්නේය.

කස්ත්‍රෝ ගේ මඟ පෙන්වීම යට‌තේ 1966 වර්ෂයේදී ජාතික රක්තවේද හා ප්‍රතිශක්තිකරණ විද්‍යා ආයතනය පිහිටුවන ලදී. එය කියුබාවේ මහජන සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු ‌සෞඛ්‍ය ක්ෂේත්‍රයන් රැසක වෛද්‍ය විද්‍යාත්මක පුනරුදයක් ඇතිකරලීමට ඉවහල් විය.

ජාතික රක්තවේද හා ප්‍රතිශක්තිකරණ විද්‍යා ආයතනය කියුබාවේ පිහිටුවීමත් සමඟ, සිකල්සෛල රක්තහීනතාවය (sickle cell anemia) හා හිමොෆීලියා ඇතුළු ප්‍රවේණි සාධක මත හට ගන්නා නිධන්ගත රෝග බොහොමයක් සඳහා ප්‍රතිකාර කිරීම ආරම්භ වූ අතර, මෙමඟින් දේහ එන්සයිම ව්‍යූහයන් තුළ ඇතිවන විපර්යාස මත හට ගන්නා හිමොග්‌ලොබින් ප්‍ර‌‌භේද පිළිබඳ අධ්‍යයනය ද වැඩිදියුණු විය. එ‌මෙන්ම, ජෛව රසායනික හා ජාන ඉංජිනේරු ක්ෂේත්‍ර වලද පුනරුදයක් ඇති විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි