×

බලශක්ති මිල අඩු කිරීමට වසර ගණනාවක් ගත විය හැක

මිල පහත හෙලීම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මත රඳා පවතියි.


බලශක්ති මිල යුක්රේන යුද්ධයට පෙර මට්ටමට ගෙන ඒම සඳහා වසර ගණනාවක් ගත වනු ඇති බව ලොව විශාලතම බලශක්ති සමාගමක් වන ඉතාලියේ Enel හි ප්‍රධානී Enel’s Francesco Starace පවසා තිබේ.


Enel සමාගම මේ වන විට රටවල් 30කට අධික සංඛ්‍යාවක මිලියන 70කට අධික නිවාස සහ ව්‍යාපාර සඳහා විදුලිය අලෙවි කරන අතර එය මෙවර විදුලිය සහ ගෑස් නිෂ්පාදනය කර බෙදා හැරීම හරහා මිලියන 20 යුරෝපීය පාරිභෝගිකයින් බලශක්ති වෙළඳපල අස්ථාවරත්වයෙන් ආරක්ෂා කර ඇත.


එක්සත් රාජධානිය, එක්සත් ජනපදය හා යුරෝ කලාපයේ උද්ධමනයට සහ ජීවන වියදම් අර්බුදයට ප්‍රධානම හේතුව වී ඇත්තේ බලශක්ති මිල ඉහළ යාමයි. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ඇති වූ ගෝලීය බලශක්ති අර්බුදය එක් බලශක්ති ප්‍රභවයක් මත යැපීම යුරෝපයට භයානක බව මේ වන විට පෙන්වා දී ඇත.

ඒ අනුව මිල පහත හෙලීම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මත රඳා පවතින බවද මෙහිදී වැඩි දුරටත් සාකච්ඡා වී ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි