×

“වෙලාව ආවම අපි කාටත් යන්න වෙනවා” කියමනට නිදසුනක් වූ සුහානි!

සටහන – නිපුනි ලියනගේ පෙබරවාරි 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමීර් ඛාන් සිය රංඟනයෙන් දායක වුනු “දංගල්” හි තරුණ බබිතා ෆොගට් ලෙස රඟපෑ රංගන ශිල්පිනී සුහානි භාත්නාගර් මියගොස් ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි. මියයන විට ඇය වයස අවුරුදු 19 පසුකරමින් සිටින්නට විය. තම දියණිය සමේ කැසීම සහ මාංශ පේශි දුර්වලතා ඇති කරන දුර්ලභ රෝගයක් වන […]


සටහන – නිපුනි ලියනගේ

පෙබරවාරි 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමීර් ඛාන් සිය රංඟනයෙන් දායක වුනු “දංගල්” හි තරුණ බබිතා ෆොගට් ලෙස රඟපෑ රංගන ශිල්පිනී සුහානි භාත්නාගර් මියගොස් ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි. මියයන විට ඇය වයස අවුරුදු 19 පසුකරමින් සිටින්නට විය.

News Wire

තම දියණිය සමේ කැසීම සහ මාංශ පේශි දුර්වලතා ඇති කරන දුර්ලභ රෝගයක් වන ඩර්මැටෝමියෝසයිටිස් රෝගයෙන් පෙළුනු බව සුහානිගේ පියා සුමිත් භාත්නාගර් පවසා සිටියේ ය.

සුහානි පෙබරවාරි 7 වන දින සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයට ඇතුළත් කළ අතර වෛද්‍ය සංකූලතාවයකින් පසු පෙබරවාරි 16 වන දින මිය ගියාය.

HT Lifestyle සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, බෙංගලෝර්හි Sakra World රෝහලේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා Dr Shweta Singhai අනාවරණය කළේ, “dermatomyositis සඳහා නිශ්චිත හේතුව නොදන්නා නමුත් එය මාංශ පේශිවල වෛරස් ආසාදනයක් නිසා විය හැකි බවත්, බැක්ටීරියා ආසාදන, ඉඳහිට එන්නත් කිරීම, පාරජම්බුල කිරණ සහ වායු දූෂක ඇතුළු පාරිසරික සාධක මත ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතිවන ගැටළුවක් නිසා ද මෙසේ විය හැකි බවය.

රූපෙන් කෙතරම් අගපත් වුණත්, සල්ලිභාග ඕනෑතරම් තිබුණත් අපිට නතර කරන්න බැරි එකම දේ මරණය යන්න පසක් කර දෙමින් සුහානි මෙලොව හැරගොස් දැන් අවසන් ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි