×

ප්ලාස්ටික් කෑලි 1000 ක් ගිල මිය ගිය තල්මසා

ඉන්දුනීසියාවේ වෙරළ තීරයට ගොඩ ගැසූ තල්මසෙකුගේ කුස තුළින් ප්ලාස්ටික් කැබලි 1000 ක් පමණ සොයාගෙන තිබේ.


එය කිලෝග්‍රෑම් 6 ක් හෙවත් රාත්තල් 13.2 කට සමාන ප්ලාස්ටික් කසළ ප්‍රමාණයකි.

මෙසේ මිය ගොස් තිබෙන්නේ අඩි 31.17 ක් දිග ස්පර්ම් වර්ගයේ තල්මසෙකි. (sperm whale). සුලාවෙසි දූපතේ ගිනිකොණදිග වෙරළට උගේ මළකඳ ගොඩ ගසා තිබිණි. එය සංචාරකයන් බහුල ලෙස ගැවසෙන ප්‍රදේශයක් ද වේ.

CNN

CNN

ඒ කුස තුළ තිබුණු ප්ලාස්ටික් කසළ අතරට ප්ලාස්ටික් බෑග් 80කට වැඩි ප්‍රමාණයක්, ප්ලාස්ටික් බෝතල්, සෙරෙප්පු සහ ප්ලාස්ටික් කප් 115 ක් අයත් විය.

ප්ලාස්ටික් දූෂණය කොතරම් ප්‍රබල පාරිසරික ගැටළුවක් බවට පත්වී තිබේද යන්න ගැන මේ මළ තල්මසා අපට නැවත වරක් සිහිපත් කර දෙයි.

2015 වසරේ ප්‍රකාශයට පත් කළ Ocean Conservancy සහ McKinsey Center for Business and Environment ආයතනවල වාර්තාවට අනුව ලෝකයේ සාගරවලට බැහැර වන ප්ලාස්ටික්වලින් 50%කට අධික ප්‍රමාණයක් පැමිණෙන්නේ චීනය, පිලිපීනය, තායිලන්තය සහ වියට්නාමය යන රටවලිනි.

CNN

Photo by Dan Kitwood/Getty Images

ඒ අනුව මේ රටවල්වලින් බැහැර වන ප්ලාස්ටික් කසළ 65%කින් අඩුකර ගන්නට හැකියාව තිබේ නම්, එයින් ලෝකයේ සාගරවල සිදුවන සමස්ත ප්ලාස්ටික් දූෂණය 45%කින් අඩුවනු ඇත.

මේ අතර, එක්සත් රාජධානිය විසින් පළ කළ අලුත්ම වාර්තාවක දැක්වෙන්නේ ගතවූ දශකයක කාලය තුළ ලෝකයේ සාගරවලට මුදා හැරෙන ප්ලාස්ටික් ප්‍රමාණය දෙගුණ වී ඇති බවයි.

මේ පිළිබඳ දැනට ප්‍රමාණවත් අවධානයක් ලබාදෙමින් කටයුතු කරන්නේ යුරෝපා පාර්ලිමේන්තුව වැනි යුරෝපාකරයේ රටවල අධිකාරීන් පමණි.

මේ වන විට යුරෝපා පාර්ලිමේන්තුව විසින්, වරක් පාවිච්චි කර ඉවත දමන ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීමට ඡන්දය ප්‍රකාශ කර තිබේ. එයට සමගාමීව වසර 2025 වන විට යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් වන යුරෝපා රාජ්‍යයන් විසින් ප්ලාස්ටික්වලින් 95%කට වඩා ප්‍රතිචක්‍රීකරණය කිරීමට තීරණය කර තිබෙන අතර, බීම බට, තෙත මාත්තු කරන ටවල්ස් සහ ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු ආදිය ද ඉදිරියේ තහනම් කිරීමට නියමිත ය.

නමුත් තවමත් එක්සත් රාජධානියේ මුහුදු තීරයට ද දශක ගණන් පැරණි ප්ලාස්ටික් බෝතල් ගසාගෙන එයි.

මේ ඡායාරූපයේ දැක්වෙන ප්ලාස්ටික් ඩිෂ් වොෂ් බෝතලය, අවුරුදු 47ක් පරණ නමුත්, එය තවමත් දිරාපත් වීම ගැන සිතාබලාවත් නැති බව පෙනේ.

CNN

CNN

සාගරයේ ප්ලාස්ටික් දූෂණය ගැන පෙර පළ වූ ලිපි මෙතැනින්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි