×

පාකිස්තානයේ පෙෂාවර් නගරයේ පිපිරීමක් හේතුවෙන් දෙදෙනෙකු මරුට

ඇෆ්ගනිස්තානයට මායිම්ව පිහිටි කයිබර් පක්තුන්ක්වා පළාත තුළ පසුගිය වසරක කාලය තුළ පකිස්ථාන තලේබාන් සහ ISIL කණ්ඩායම විසින් ප්‍රකාශ කරන ලද ප්‍රහාර ඉහල ගොස් තිබේ.


සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 10,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පකිස්ථානයේ වයඹදිග කයිබර් පක්තුන්ක්වා පළාතේ පෙෂාවර් නගරයේ සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

යතුරුපැදියක පුපුරන ද්‍රව්‍ය අටවා තිබී ඇති අතර පිපිරීමට හේතුව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු වෙමින් පවතියි. මේ සම්බන්ධයෙන් පෙෂාවර් පොලිස් ප්‍රධානී කෂිෆ් අබ්බාසි ප්‍රකාශ කළේ, ප්‍රහාරයෙන් සැකකාර බෝම්බකරු ද මිය ගිය බවට මූලික විමර්ශනවලින් පෙනී ගිය බවයි.

ඇෆ්ගනිස්තානයට මායිම්ව පිහිටි කයිබර් පක්තුන්ක්වා පළාත තුළ පසුගිය වසරක කාලය තුළ පකිස්ථාන තලේබාන් සහ ISIL කණ්ඩායම විසින් ප්‍රකාශ කරන ලද ප්‍රහාර ඉහල ගොස් තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි