×

ලැව්ගිනි හේතුවෙන් 40කට අධික පිරිසක් මිය යයි

දකුණේ දැවෙන තාපයට සාපේක්ෂව උතුරේ වැසි, කුණාටු, පැයට කිලෝමීටර 110 (පැයට සැතපුම් 70) දක්වා වූ තද සුළං, ටොනේඩෝ සහ යෝධ හිම කැටිතිවල ලබපෑම ඇති ව ඇතිව තිබේ.


ඇල්ජීරියාවේ, ඉතාලියේ සහ ග්‍රීසියේ පුද්ගලයින් 40 කට වැඩි පිරිසක් ලැව්ගිනි හේතුවෙන් මිය ගොස් ඇති අතර දහස් ගණනක් දෙනා ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

වැඩිම මරණ සංඛ්‍යාව ඇල්ජීරියාවෙන් වාර්තා වී ඇති අතර එහි ලැව්ගිනි හේතුවෙන් 37 දෙනෙකු මියගොස් තිබේ. ඒ අතර බෙජායා යනු දරුණුතම බලපෑමට ලක් වූ ප්‍රදේශය වන අතර, එහි පමණක් වාර්තා වන ලද මරණ සංඛ්‍යාව 23කි. ඇලිජීරියානු බලධාරීන් වාර්තා කර තිබුණේ ගිනි නිවන බටයන් 8000කට අධික පිරිසක් යොදවා මේ වන විට ලැව්ගිනිවලින් 80% ක් නිවා දමා ඇති බවයි.

ග්‍රීසියේ සිවිල් ආරක්ෂණ අමාත්‍යාංශය විසින් රටේ කලාප 13 න් හයක ගින්නක් ඇතිවීමේ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති අතර මේවන විට එහි සමහර ප්‍රදේශවල උෂ්ණත්වය 44C (111F) ට වඩා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ වන විට ලැව්ගිනි හේතුවෙන් රෝඩ්ස් දූපතම හදිසි තත්වයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

මෙලෙස දකුණේ දැවෙන තාපයට සාපේක්ෂව උතුරේ වැසි, කුණාටු, පැයට කිලෝමීටර 110 (පැයට සැතපුම් 70) දක්වා වූ තද සුළං, ටොනේඩෝ සහ යෝධ හිම කැටිතිවල ලබපෑම ඇති ව ඇති අතර ඒවා ලොම්බාර්ඩි සහ අනෙකුත් උතුරු ප්‍රදේශවලට පහර දී තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි