×

මිසිසිපි සහ ඇලබාමා ප්‍රාන්ත හරහා ඇති වූ ප්‍රබල කුණාටුවක් සහ ටොනේඩෝවක් හේතුවෙන් 26 දෙනෙකු මිය යයි

මේ හේතුවෙන් විශාල පිරිසක් අවතැන්වී සිටින අතර දේපළ හානිය මෙතෙක් ගණනය කර නොමැත.


එක්සත් ජනපදයේ මිසිසිපි සහ ඇලබාමා ප්‍රාන්ත හරහා හමාගිය ප්‍රබල කුණාටුවක් හා ටොනේඩෝවක් හේතුවෙන් පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් විශාල පිරිසක් අවතැන්වී සිටින අතර දේපළ හානිය මෙතෙක් ගණනය කර නොමැත.

මිසිසිපි ප්‍රාන්තයේ ජැක්සන් හි ජාතික කාලගුණ සේවයේ කාලගුණ විද්‍යාඥ නිකලස් ප්‍රයිස් පවසා තිබුණේ පසුගිය සිකුරාදා(24) මිසිසිපි හරහා කිලෝමීටර් 274ක් (සැතපුම් 170ක්) පමණ දිගැති ටොනේඩෝව පැයක පමණ කාලයක් පොළව මත රැඳී සිටි බවයි. සිල්වර් සිටි වෙත ගිය ආණ්ඩුකාර ටේට් රීව්ස් විපතට පත් ප්‍රදේශවල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරන ලදි.

ජාතික කාලගුණ සේවයේ කුණාටු අනාවැකි මධ්‍යස්ථානය වාර්තා කර තිබුණේ අද(26) දිනය තුළද මිසිසිපි සහ ඇලබාමා ප්‍රදේශවලට ඉරිදා නැවතත් හානිදායක සුළං, හිම කැට සහ ටොනේඩෝවලට මුහුණ දීමට සිදුවිය හැති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි