×

සෝමාලියාවේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 100ට ආසන්නයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මේ හේතුවෙන් පුද්ගලයන් 700,000 ක් පමණ අවතැන් වී ඇත.


දශක ගණනාවකට පසු සෝමාලියාවට බලපෑ ගංවතුර හේතුවෙන් 96 දෙනෙකු මියගොස් ඇති බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය SONNA වාර්තා කර තිබේ.

ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ වූ නොනවතින අධික වර්ෂාවෙන් බැට කෑ සෝමාලියාව මෙවර ඇති වූ ගංවතුර දශක ගණනාවකට පසු ඇති වූ දරුණුතම ගංවතුර ලෙස විස්තර කර ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මේ හේතුවෙන් පුද්ගලයන් 700,000 ක් පමණ අවතැන් වී ඇත.

දැඩි වර්ෂාව ඇති වූ විපත් රට පුරා වාර්තා වී ඇති අතර එය වසර ගණනාවක කැරලිකාරිත්වය හේතුවෙන් දැනටමත් පවතින මානුෂීය අර්බුදය තවත් උග්‍ර කර ඇත.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි