×

ඇමසන්හි ඩොල්ෆින් මසුන් 120 දෙනෙකු මිය යයි

කැපී පෙනෙන රෝස පැහැයෙන් යුත් ඇමසන් ගංගා ඩොල්ෆින් දකුණු ඇමරිකාවේ ගංගාවල පමණක් දක්නට ලැබෙන අද්විතීය මිරිදිය විශේෂයක් වන අතර එය ලෝකයේ ඉතිරිව ඇති මිරිදිය ඩොල්ෆින් විශේෂ අතලොස්සෙන් එකකි.


පසුගිය සතිය තුළ බ්‍රසීලයේ ඇමසන් ගඟේ අතු ගංගාවක පාවෙමින් තිබූ ගංගා ඩොල්ෆින් මත්ස්‍යයන් 120 දෙනෙකුගේ මළ සිරුරු හා ඊයේ(02 )දිනයේදී තවත් මිය ගිය ඩොල්ෆින් දෙදෙනෙකු ටෙෆේ විල අවට ප්‍රදේශයෙන් සොයාගත් බව බ්‍රසීලයේ විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යාංශයේ පර්යේෂණ කණ්ඩායමක් වන මාමිරාවා ආයතනය සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් මාමිරාවා ආයතනයේ භූගෝලීය සම්බන්ධීකාරක Ayan Fleishmann පැවසුවේ, දැඩි නියඟය සහ උණුසුම හේතුවෙන් මෙම මරණ සිදුවන්නට ඇති බවයි.

කැපී පෙනෙන රෝස පැහැයෙන් යුත් ඇමසන් ගංගා ඩොල්ෆින් දකුණු ඇමරිකාවේ ගංගාවල පමණක් දක්නට ලැබෙන අද්විතීය මිරිදිය විශේෂයක් වන අතර එය ලෝකයේ ඉතිරිව ඇති මිරිදිය ඩොල්ෆින් විශේෂ අතලොස්සෙන් එකකි.

මන්දගාමී ප්‍රජනක චක්‍ර ඔවුන්ගේ ජනගහනය තර්ජනයන්ට ලක් වෙමින් පවතියි. මේ වන විට ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා වූ බ්‍රසීලයේ චිකෝ මෙන්ඩස් ආයතනය, විලෙහි තවමත් ජීවතුන් අතර සිටින ඩොල්ෆින් මසුන් බේරා ගැනීම සඳහා පශු වෛද්‍යවරුන් සහ ජලජ ක්ෂීරපායී විශේෂඥයින් සහය අපේක්ෂා කරයි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි