×

දිල්ලියේ ප්‍රාග්ධන කලාපයේ පාසල් අවට ආරක්ෂිත කැමරා පද්ධතීන් සවි කෙරේ

සංත්‍රාස චිත්‍රපට වල පෙන්වන අන්දමක මෙන් ඉන්දියාවේ පැතිර යන ආරක්ෂක කැමරා පද්ධති!


ඉන්දියාවේ දිල්ලි නගරයේ ප්‍රාග්ධන කලාපයේ අධිකරණ බලයට නතු කළ පාසල් අවට සංවෘත ආරක්ෂිත කැමරා පද්ධතීන් සවිකර ඇති බවට වාර්තා වේ.

ඉන්දියානු සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නඟන සංවිධාන මතුකරන විරෝධතා පවා නොතකමින්, එම කලාපය භාර ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල් (ආම් ආද්මි පක්ෂය) පවසා සිටියේ මෙමඟින් මිනිසුන්ගේ පෞද්ගලිකත්වය ට හානි නොපමුණුවන බවටත්, එම කලාපයේ පාසල් සිසුන් ගේ විනය ගොඩ නැංවීමටත් මෙම පියවර ගත් බවය.

“දරුවන් පාසල් යන්නේ පෞද්ගලික කටයුතු සඳහා නොවේ,” තම තීරණය පිළිබඳ දැඩි ස්ථාවරයකින් පසුවන අමාත්‍ය කෙජ්රිවාල් පවසා සිටියේය.

සංත්‍රාසය මතුකරන චිත්‍රපට (horror movies) වල පෙන්වන පරිදි ජනතාව ගේ දින චරියාව කෙරේ නෙත යොමාගෙන සිටින රජයේ රහසිගත මෙහෙයුම් අන්දමක මෙන් දිවයින පුරා පැතිර යන මෙම ආරක්ෂක කැමරා පද්ධති මේනියාව පිළිබඳ විවිධ මතිමතාන්තර ගොඩනැඟෙමින් පවතී.

කෙසේවෙතත්, එරට පොලිස් බලකායන් සහ බුද්ධි අංශ විසින් පවසා සිටි පරිදි නිරීක්ෂණ කටයුතු හරහා රටේ ආරක්ෂාව විධිමත් කිරීම උදෙසා මෙලෙස කැමරා පද්ධතීන් සවිවන බවට වාර්තා වේ.

එරට සිවිල් සංවිධාන පෙන්වා දෙන්නේ, මෙම ක්‍රියාව මිනිසුන් ගේ පෞද්ගලිකත්වය හා මානව හිමිකම් වෙත සිදුකරන දැඩි බලපෑමක් බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි