×

ලුසියා ගින්නෙන් යළි මතු වේ!

වසර 12,000ක් පැරණි ලුසියා මානවයාගේ පොසිලවලින් සෑහෙන ප්‍රමාණයක් ආරක්ෂා වී ඇතැයි බ්‍රසීලයේ ජාතික කෞතුකාගාරයේ බලධාරීහු පවසති.


ගින්නෙන් විනාශයට පත් කෞතුකාගාර ගොඩනැඟිල්ල තුළ තිබී ලුසියා මානවයාට අයත් හිස් කබලේ පොසිලවලින් 80%ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමෙන් පසු බ්‍රසීලයේ ජාතික කෞතුකාගාරයේ ඉහළ නිළධාරියෙක් මේ බව ප්‍රකාශ කළේය. ලුසියා මානවයාට අයත් පොසිල බ්‍රසීලයේ රියෝ ද ජෙන්යිරෝ නුවර ජාතික කෞතුකාගාරයෙහි තැන්පත් කර තිබිණ. වසර 200ක් පැරණි මේ කෞතුකාගාරය පසුගිය සැප්තැම්බරයේදී ගිනිගෙන විනාශයට පත් විය. එහි තැන්පත් කර තිබූ කෞතුක භාණ්ඩ විශාල ප්‍රමාණයක් මුළුමනින්ම වාගේ විනාශයට පත් වූ බව කෞතුකාගාර බලධාරීහු පසුව අනාවරණය කළහ. Prized ‘Luzia’ fossil skull recovered

Luzia's face was reconstructed by a team at Manchester University in 1999| BBC

Luzia’s face was reconstructed by a team at Manchester University in 1999 | BBC

ගොඩනැඟිල්ලේ සුන්බුන් අතර ලුසියා මානවයාගේ ඉතිරි පොසිල කොටස් ද තිබිය හැකි බව කෞතුකාගාර බලධාරීහු පවසති. දැනට සොයාගෙන ඇති පොසිල කොටස්වලට ගින්නෙන් හානි සිදුව ඇති බව පුරා විද්‍යාඥ ක්ලව්ඩියා රෝද්‍රිගස් පවසයි. එසේ වුවත් ලුසියා මානවයාගේ පොසිල කොටස් මේ අන්දමින් හෝ ආරක්ෂා වී තිබීම සම්බන්ධයෙන් ශුභවාදී අදහසක් ඇති බව පුරා විද්‍යාඥයෝ පවසති. ගින්නෙන් විනාශයට පත් නොවන ලෝහ පෙට්ටියක ලුසියා මානවයාගේ පොසිල කොටස් තැන්පත් කර මහජන ප්‍රදර්ශනය පිණිස තැබිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

ඉපැරණි ලුසියා පොසිලයෙන් අද ඉතිරිව තිබෙන්නේ මෙපමණකි.| AFP

ඉපැරණි ලුසියා පොසිලයෙන් අද ඉතිරිව තිබෙන්නේ මෙපමණකි.| AFP

ලුසියා මානවයාට අයත් පොසිල බ්‍රසීලයේ මිනාස් ගෙරයිස්හි ලෙනක තිබී සොයා ගැනුණේ එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලදීය. පොසිල සොයා ගැනීමට මුල් වුණේ ප්‍රංශ ජාතික පුරා විද්‍යාඥයකු වන ඇනෙටේ ලැමින්ග් එම්පෙරයිරේ බව සඳහන් වේ. එසේ සොයා ගත් පොසිල අධ්‍යනයන්ට ලක් කළ විට තහවුරු වුණේ ඒවා වසර 12,000කට පමණ ඉහත ජීවත් වුණු ගැහැනියකට අයත් බවකි. එකී ගැහැණිය මියයන විට වසය අවුරුදු විසි ගණන්වල පසු වූ බවත් ඇගේ උස අඩි පහක් පමණ බවත් විද්‍යාඥයෝ සනාත කළහ. ලුසියා මානවයාට අයත් එම පොසිල බ්‍රසීලයේ ජාතික කෞතුකාගාරයෙහි පසුව තැන්පත් කෙරිණ. මේ ගැහැණියගේ මුහුණේ ස්වරුපය ඩිජිටල් තාක්ෂණය හරහා ප්‍රතිනිර්මාණය කිරීමටත් විද්‍යාඥයෝ පසුගිය කාලයේදී සමත් වූහ. පොසිල අනුව එම ගැහැණිය ලුසියා යනුවෙන් නම් කළේ ඒ වනවිට ලුසී මානවයාට අයත් පොසිල ද හමු වී තිබුණු නිසයි.

බ්‍රසීලයේ ජාතික කෞතුකාගාරය ගින්නෙන් විනාශ වී දින 50කට අධික කාලයක් දැන් ගෙවී ගොස් ඇත. කෞතුකාගාරය ගින්නෙන් දැවෙන විට එහි කාමර සිය ගණනක් තුළ කෞතුක භාණ්ඩ මිලියන 20කට අධික සංඛ්‍යාවක් තිබුණු බව සඳහන් වේ. කෞතුකාගාරයේ කටයුතු සියල්ලක්ම පාලනය කෙරෙන්නේ රියෝ ද ජෙනයිරෝ ෆෙඩරල් විශ්වවිද්‍යාලයෙනි. කෞතුකාගාරය අන්තරාදායක තත්ත්වයක පවතින බව සැලවී තිබියදීත් එයට රජයෙන් ලබාදෙන ප්‍රතිපාදන කපා හැර තිබූ බව විශ්වවිද්‍යාල බලධාරීහු පවසති. කෞතුකාගාරය ගින්නෙන් දැවුණේ රජයේ නොසැලකිලිමත්කම නිසායැයි කියා බොහෝදෙනෙකු බ්‍රසීල රජය දෙසට ඇඟිල්ල දිගු කරන්නට පටන් ගෙන ඇත.

පෙර ලිපි-

අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දමමින් බ්‍රසීලය ජාතික කෞතුකාගාරය ඉදිකිරීමට ආධාර පතයි.

ඩයිනසෝර ඇටකටු සහ ලුසීයාගේ පොසිලය සමග බ්‍රසීලයේ ජාතික කෞතුකාගාරය ගින්නෙන් විනාශ වෙයි. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි