×

ඩිස්නි අම්බානි සමඟ එක්ව ආසියාවේ නව මාධ්‍ය දැවැන්තයෙකු නිර්මාණය කරයි

ඉන්දියාව ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ වෙළඳපොල වන අතර, සමාගම සඳහා දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීම සඳහා මෙම හවුල් ව්‍යාපාරය පවතිනු ඇති බව අපේක්ෂා කෙරේ.


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 29,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වර්ල්ඩ් ඩිස්නි ප්‍රකෝටිපති මුකේෂ් අම්බානිගේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමඟ එක්ව ඉංග්‍රීසි බහුලව කතා කරන මිලියන 750 කට අධික ජනතාවකට ආමන්ත්‍රණය කිරීමට හැකි සුවිශාල මාධ්‍ය දැවැන්තයකු නිර්මාණය කරන බව වාර්තා වේ.

ඒ අනුව සමගම පසුගියදා නිවේදනය කර තිබුණේ, රට තුළ රූපවාහිනී නාලිකා 100 ක් ඒකාබද්ධ කර ඩොලර් බිලියන 8.5 ක් පමණ වටිනා හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන බවයි. මේ සම්බන්ධයෙන් මුකේෂ් අම්බානි සඳහන් කර තිබුණේ, මෙය ඉන්දියානු විනෝදාස්වාද ක්‍ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරන වැදගත් ගිවිසුමක් වනු ඇති බවටයි.

ඉන්දියාව ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ වෙළඳපොල වන අතර, සමාගම සඳහා දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීම සඳහා මෙම හවුල් ව්‍යාපාරය පවතිනු ඇති බව අපේක්ෂා කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි