×

ඩොනල්ඩ් ට්‍රම්ප් පියවරක් ඉදිරියට!

ඒ අවසන් ප්‍රතිවාදියා වූ දකුණු කැරොලිනාවේ හිටපු ආණ්ඩුකාර නිකී හේලි පරාජය කරමිනුයි.


සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 24 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා වූ සටනින්නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තය ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ.

ඒ අවසන් ප්‍රතිවාදියා වූ දකුණු කැරොලිනාවේ හිටපු ආණ්ඩුකාර නිකී හේලි පරාජය කරමිනුයි.

නිකී හේලි සිය මැතිවරණ ව්‍යාපාරය අවසන් කිරීමට තවමත් සූදානම් නැති වුවත්, නාමයෝජනා සඳහා වූ තරඟය අවසන් වී ඇති බව ඔහුගේ ජයග්‍රහණයෙන් අදහස් වෙයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ, මේ අනුව නොවැම්බරයේ පැවැත්වෙන මහ මැතිවරණයේ දී ඩිමොක්‍රටික් අපේක්ෂකයා වන ජනාධිපති ජෝ බයිඩන් සමග නැවත තරගයක් පැවැත්වීම පිළිබඳව දැන් වඩාත් විශ්වාස වන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි