×

පාකිස්ථානයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් 25 දෙනෙකු මරුට

පාකිස්ථානයේ ජාතික අයවැය කෙටුම්පතට අනුව ස්වාභාවික විපත් වල බලපෑම් අවම කිරීම සඳහා රජය ඩොලර් බිලියන 1.3 ක් වෙන් කර ඇත.


අරාබි මුහුදේ සිට පැයට කිලෝමීටර් 150 (පැයට සැතපුම් 93) සුළං වේගයකින් හමා ආ Biparjoy සුළි කුණාටුව හේතුවෙන් පකිස්ථානයේ වයඹ දිග ප්‍රදේශවලට ඇද හැ‌ළෙන අධික වර්ෂාවන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

ගස් හා විදුලි සම්ප්‍රේෂණ කුළුණු කඩා වැටීමෙන් තවත් 145 දෙනෙකු තුවාල ලබා ඇති අතර පකිස්ථාන අගමැති ෂාබාස් ෂරීෆ් සිදුවූ ජීවිත හානි පිළිබඳව ශෝකය ප්‍රකාශ කළ අතර සහන මෙහෙයුම් වේගවත් කරන ලෙස බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මේ අනුව, පාකිස්ථානය නිරන්තරව මුහුණ දෙන ස්වභාවික ආපදාවන් හේතුවෙන් පසුගිය සිකුරාදා ඉදිරිපත් කළ පාකිස්ථානයේ ජාතික අයවැය කෙටුම්පතට අනුව ස්වාභාවික විපත් වල බලපෑම් අවම කිරීම සඳහා රජය ඩොලර් බිලියන 1.3 ක් වෙන් කර ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි