×

විශාලත්වයෙන් පෘථිවියට සමාන ග්‍රහලෝකයක් පෘථිවිය ආසන්නයෙන්ම සොයා ගනී

ජලය දියර සේ පැවතීමට ඉඩ සලසන උෂ්ණත්වයක් පවත්වාගෙන යා හැකි දුරින් තාරකාවට සමීප නොවන වාසයට සුදුසු කලාපයේ ඇත්තේ "TOI 700 d" පමණි.


 

පෘථිවියේ ප්‍රමාණයට සමාන තවත් ලෝකයක් සොයා ගත් බව නාසා ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇත. ඒම ග්‍රහලෝකය සහ ඊට අයත් සූර්යා ලෙස සැළකිය හැකි තාරකාව අතර දුර ප්‍රමාණය ජලය දියරයක් ලෙස පවත්වා ගත හැකි දුර ප්‍රමාණයක් වේ. ඒ් හේතුවෙන් මෙය ජනාවාස කරණයට සුදුසු විය හැකි ග්‍රහලෝකයක් බවට අපේක්ෂා ‌කෙරේ

නාසා ආයතනය සතු TESS නැමති planet hunter චන්ද්‍රිකාව විසින් මෙම සොයා ගැනීම සිදු කර ඇති අතර ඒය පෘථිවියට ආලෝක වර්ෂ 100ක් තරම් සාපේක්ෂව ආසන්නයෙන් පිහිටා ඇත.

මෙම ග්‍රහලෝකය නම් කර ඇත්තේ “TOI 700 d” නමිනි. නාසා ආයතනය මේ බව හෙළි කර ඇත්තේ පසුගිය සඳුදා පැවති වාර්ෂික ඇමරිකානු තාරකා විද්‍යා සංගමයේ රැස්වීමේදී ය.

නාසා හී තාරකා භෞතික විද්‍යා අංශයේ අධ්‍යක්ෂ පෝල් හර්ට්ස් පවසන්නේ TESSචන්ද්‍රිකාව නිර්මාණය කර ඇත්තේ පෘථිවි ප්‍රමාණයේ ග්‍රහලෝක සොයා ගැනීමට බවයි.

TESSචන්ද්‍රිකාව විසින් මුලින් තාරකාවක් ලෙස වැරදි ලෙස වර්ගීකරණය කර ඇති අතර ග්‍රහලෝක ඒවාට වඩා විශාල හා උණුසුම් ලෙස පෙනෙන බවට නිගමනය කර ඇත.. නමුත් TESS කණ්ඩායමේ සාමාජිකයන් සමඟ පර්යේෂණයන් හී යෙදෙන උසස් පාසැල් සිසුවෙකු වන ඇල්ටන් ස්පෙන්සර් ඇතුළු ආධුනික තාරකා විද්‍යාඥයින් කිහිප දෙනෙකු විසින් චන්ද්‍රිකාවේ නිගමනය වැරදි බවට හදුනා ගන්නා ලදී,

චිකාගෝ විශ්ව විද්‍යාලයේ උපාධිධාරී සිසුවෙකු වන එමිලි ගිල්බට් පවසන්නේ මෙහි පරාමිතීන් නිවැරදිව හදුනා ගත් අතර ඒය පෘථිවියේ ප්‍රමාණයට සමාන මෙන්ම මිනිස් වාසයට සුදුසු කලාපයක් බවද හදුනා ගත් බවයි.

මීට පෙර තවත් සමාන ග්‍රහලෝක කිහිපයක් සොයාගනු ලැබූ අතර ඒ් මින් පෙර මෙහෙයුම් සිදු කල කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය විසින්, නමුත් 2018 දී දියත් කරන ලද TESS (Transiting Exoplanet Survey Satellite ) විසින් සොයාගත් පළමු ග්‍රහලෝකය මෙය වෙයි.

TOI 700 තාරකාව පෘථිවියේ සූර්යයාට වඩා කුඩා වන අතර ඒය ප්‍රමාණයෙන් සූර්යා මෙන් සියයට 40 ක් පමණ වේ උණුසුම ප්‍රමාණයෙන් සූර්යයා මෙන් අඩක් පමණ වේ.

ටෙස් විසින් මෙම කක්ෂයේ ග්‍රහලෝක තුනක් සොයා ගන්නා ලදී, ඒවා නම් කර ඇත්තේ TOI 700 b, c සහ d ලෙසිනි. නමුත් ජලය දියර සේ පැවතීමට ඉඩ සලසන උෂ්ණත්වයක් පවත්වාගෙන යා හැකි දුරින් තාරකාවට සමීප නොවන වාසයට සුදුසු කලාපයේ ඇත්තේ “TOI 700 d” පමණි.

එය පෘථිවියට වඩා සියයට 20 කින් පමණ විශාල වන අතර එහි තාරකාව වටා ගමන් කිරීමට දින 37 ක් ගත කරයි. 700 d ග්‍රහලෝකය පෘථිවිය සූර්යයාගෙන් ලැබෙන ශක්තියෙන් සියයට 86 ක් ලබා ගනී.

නාසා පැහැදිලි කරන්නේ , මෙම ග්‍රහලෝකය සාගර වැඩි ප්‍රමාණයකින් යුක්ත බවත් මුල් කාල කාලයේ දී අඟහරු ග්‍රහයා වටා ඇති බව විද්‍යාඥයින් සැක කරන ආකාරයට සමාන ආකාරයකින් කාබන් ඩයොක්සයිඩ් පිරුණු වායුගෝලයක් ඒහි ඇති බවත්ය..

නාසා ආයතනය පවසන්නේ තවත් උපකරණ සහ විද්‍යාඥයින් හා ඒක්ව තව දුරටත් මේ පිළිබදව පරීක්ෂණ පවත්වන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි