×

රිච්ටර් මාපකයේ 5.9 ලෙස සටහන් වූ භූකම්පනයක් තායිවානයේ! ජීවිත හානි නැහැ!

තායිවානය පිහිටා ඇත්තේ දකුණු චීන මුහුදේ භූ තැටි දෙකක් මෙන්වූ කලාප එකිනෙක හමුවන සන්ධියක වන අතර, මෙම කලාපය භූකම්පා වලට අවදානම් කලාපයක් ලෙස හඳුනා ගෙන ඇත.


තායිවානයේ තායිපේ අගනුවර රිච්ටර් මාපකයේ 5.9 ලෙස සටහන් වූ භූකම්පනයක් සිදුව ඇති බවට වාර්තා වේ.

මෙම භූකම්පනය හටගෙන තිබෙන්නේ අද (11) දින වන අතර, මින් තවමත් කිසිඳු ජීවිත හානියක් හෝ දේපළ හානියක් සිදුව ඇති බවට තහවුරු වී නැති බවයි වාර්තා වන්නේ.

අද දින හටගත් මෙම භූකම්පාවෙන් තායිවානයේ තායිපේ අගනුවර පිහිටා තිබූ ගොඩනැඟිලි සෙලවීමට පටන් ගෙන ඇති බවත්, රිච්ටර් මාපකයේ 5.9 ලෙස සටහන් වූ මෙම භූකම්පනය තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ අපිකේන්ද්‍රයෙන් මතුවූ බවත් එරට මධ්‍යම කාලගුණ කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

එම භූකම්පනය කිලෝමීටර 17.9 ක ගැඹුරින් මතුවූ බවත්, තායිවානයේ උතුරු, මධ්‍යම සහ නැගෙනහිර කලාප පුරා ව්‍යාප්තව ගිය බවට සාධක හමුව ඇති බවත් එම කාර්යාංශය වැඩිදුරටත් නිවේදනය කළේය.

භූගෝලීය වශයෙන් තායිවානය පිහිටා ඇත්තේ දකුණු චීන මුහුදේ භූ තැටි දෙකක් මෙන්වූ කලාප එකිනෙක හමුවන සන්ධියක වන අතර, මෙම කලාපය භූකම්පා වලට අවදානම් කලාපයක් ලෙස හඳුනා ගෙන ඇත.

ඡායාරූප: අන්තර්ජාලය



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි