×

ඉක්වදෝරයත් සමරිසි අයිතීන් තහවුරු කරයි

මින් ඉදිරීයට ඉක්වදෝ්රය යනු ඊයේට වඩා වෙනස් සමානාත්මතාවය වෙනුවෙන් කැප වන මෙන්ම සියල්ලන්ට සමානව මිනිස් අයිතිවාසිකම් භුක්තිවිදීමට අවස්ථාව සළසාලන රාජ්‍යයක් වනු ඇත


2019 වසර තුළ සමරිසි සබඳතා තව දුරටක් නීති විරෝධී නොවන බවට තහවුරු කළ රටවල් අතරට ඉක්වදෝරයද එක් විය.

ඉක්වදෝර ඉහළ අධිකරණය මේ පිළිබදව සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් පවසා සිටින්නේ සිය රට තුළ මින් පසු සමරිසි සබදතා නීත්‍යානුකූල බවයි. ඒ අනුව සමරිසි විවාහයන් සදහා පැවති නීතිමය බාධකයන්ද ලිහිල් කරණු ලැබිණ.

ඉක්වදෝරයේ සමස්ත ජනගහණය මිලියන 16කි. ආර්ජන්ටිනාව, බ්‍රසීලය සහ කොලොම්බියාව විසින් මීට ඉහතදී සමරිසි විවාහයන් සදහා නීතිමය බාධක ඉවත් කරනු ලැබීම ඉක්වදෝරයේ මෙම තීරණය සදහා පසුබිම සපයන්නට ඇති බව ජාත්‍යන්තර විචාරක මතයයි.

මේ සම්බන්ධ නඩු තීන්දුවේදී සමරිසි විවාහ නීති ගත කිරීම වෙනුවෙන් සහය පල කළ නීතිඥ ක්‍රිස්ටියන් පෝලා පවසන්නේ ” මින් ඉදිරීයට ඉක්වදෝ්රය යනු ඊයේට වඩා වෙනස් සමානාත්මතාවය වෙනුවෙන් කැප වන මෙන්ම සියල්ලන්ට සමානව මිනිස් අයිතිවාසිකම් භුක්තිවිදීමට අවස්ථාව සළසාලන රාජ්‍යයක් වනු ඇති බව මෙම තීරණය මගින් තහවුරු කළ බවයි.

සමරිසි යුවලක් විසින් තමන් දෙදෙනාට විවාහ ගිවිස ගැනීමට අවශ්‍ය බව ඉල්ලමින් එරට ඉහළ අධිකරණයෙහි ගොනු කළ මානව අයිතිවාසිකම් පිළිබද නඩු විභාගයේදී ඉක්වදෝර ඉහළ අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි