×

එක්සත් ජනපද-කැනඩා දේශසීමාව අසලින් මළ සිරුරු අටක් සොයා ගැනේ

කැනඩාවේ සිට එක්සත් ජනපදයට නීතිවිරෝධී ලෙස ඇතුල් වීමට උත්සාහ කිරීමේදී මෙම මරණ සිදුවන්නට ඇති බව විශ්වාස කෙරේ.


කැනඩාවේ සිට අමෙරිකාවට නීතිවිරෝධී ලෙස එගොඩ වීමට උත්සාහ කරමින් මිය ගිය දරුවන් දෙදෙනෙකු ඇතුළු සංක්‍රමණිකයන් අට දෙනෙකුගේ සිරුරු ඊයේ(01)දිනයේදී එක්සත් ජනපද-කැනඩා දේශසීමාව අසල ශාන්ත ලෝරන්ස් ගඟේ තිබියදී සොයාගෙන ඇති බව වාර්තා වේ.

කැනඩාවේ සිට එක්සත් ජනපදයට නීතිවිරෝධී ලෙස ඇතුල් වීමට උත්සාහ කිරීමේදී මෙම මරණ සිදුවන්නට ඇති බව විශ්වාස කෙරේ.

මියගිය අය අතර රුමේනියාවේ සහ ඉන්දියාවේ පවුල් දෙකක සාමාජිකයන් වන බව හඳුනාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් පොලීසිය නිවේදනය කර තිබුණේ ක්සත් ජනපද-කැනඩා දේශසීමා අතර මෝහව්ක් ප්‍රදේශයක් වන, අක්වෙසස්නේ හි Tsi Snaihne හි වගුරු බිමක තිබී පළමු සිරුර සොයා ගත් බවත් අනෙක් සිරුරු ඒ ආසන්නයේ තිබී සොයා ගනු ලැබූ බවත්ය.

මේ සම්බන්ධයෙන් කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ පැවසුවේ මෙය හද කම්පා කරවන සිදුවීමක් බවත් සිදුවූයේ කුමක්ද, එය සිදුවූයේ කෙසේද යන්න අප නිවැරදිව වටහා ගෙන මෙවැන්නක් යලි කිසිදිනක සිදු නොවීමට කටයුතු කළ යුතු බවත්ය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි