×

එල් සැල්වදෝර්හි ක්‍රීඩාංගනයක ගැටුමක් හේතුවෙන් නව දෙනෙකු මිය යයි

එල් සැල්වදෝරයේ සිවිල් ආරක්ෂාවේ ලුයිස් ඇලොන්සෝ අමායා පැවසුවේ අධික තදබදය හේතුවෙන් පුද්ගලයන් 500 කට පමණ වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති අතර බොහෝ දෙනෙක් රෝහල් ගත කර ඇති බවයි.


එල් සැල්වදෝරයේ අගනුවර වන සැන් සැල්වදෝරයේ පාපන්දු ක්‍රීඩාංගනයක ඇති වූ ගැටුමක් හේතුවෙන් නව දෙනෙකු මිය ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

අධික තදබදය මරණවලට හේතු වී ඇති අතර මියගිය අය අතර පිරිමි හත් දෙනකු සහ කාන්තාවන් දෙදෙනකු වන බව පොලීසිය විසින් සඳහන් කර තිබේ. දේශීය පාපන්දු කණ්ඩායමක් වන ඇලන්සා සහ ෆාස් කණ්ඩායම අතර පැවැති තරඟයක් අතරමඟ මෙම ගැටුම ඇති වී ඇති අතර පසුව තරඟය නවතා දමන ලදි.

ප්‍රාදේශීය මාධ්‍ය විසින් බෙදා හරින ලද දර්ශන අතර ක්‍රිඩා ලෝලීන් විසින් ගේට්ටු කඩා බිඳ දැමීමට කටයුතු කරනු දක්නට ලැබෙන අතර, එල් සැල්වදෝරයේ සිවිල් ආරක්ෂාවේ ලුයිස් ඇලොන්සෝ අමායා පැවසුවේ අධික තදබදය හේතුවෙන් පුද්ගලයන් 500 කට පමණ වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති අතර බොහෝ දෙනෙක් රෝහල් ගත කර ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍ය Francisco Alabi පැවසුවේ තුවාල ලැබූවන්ගෙන් වැඩි දෙනෙකුගේ තත්ත්වය ස්ථාවර බවත් රෝහල්වලින් මරණ කිසිවක් වාර්තා වී නොමැති බවත්ය.

මේ වන විට සැල්වදෝර්හි පාපන්දු සම්මේලනය විසින් ජාතික මට්ටමේ පාපන්දු තරඟ සියල්ලම අත්හිටුවා ඇති අතර, එල් සැල්වදෝරයේ ජනාධිපති නයිබ් බුකෙලේ පැවසුවේ සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව පොලිසිය පූර්ණ පරීක්ෂණයක් පවත්වනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි