චීයනයේ අධික උෂ්ණත්වය හා නිරන්තරව සිදුවන විදුලි කප්පාදුව හේතුවෙන් වැඩිහිටි පුද්ගලයන් වායු සමනය කරන ලද සුපිරි වෙළඳසැල් වලට පැමිණ දිනය ගත කිරීමේ පුවතක් South China Morning Post වාර්තා කර තිබේ.
සමාජ මාධ්‍ය හරහා සංසරණය වීඩියෝ දර්ශනවල වැඩිහිටියන් විශාල ප්‍රමාණයක් මෙලෙස සුපිරි වෙළඳසැල් වල දක්නට ලැබෙන අතර ඔවුන් බඩු අසුරන රාක්ක අතර නිදා සිටින රූප රාමුද දක්නට ලැබේ. වෙළඳසැල් හිමියන් විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන වැඩිහිටියන් මෙලෙස දිනපතා පැමිණෙන බවත්, ඔවුන් සවස් වන විට භාණ්ඩ කිහිපයක් මිලදී ගන්නා බවත්, බෙහෝ දෙනා නිදිමත හේතුවෙන් ඇද වැටී ඇති බවත්ය.
චීනය පසුගිය වසර 60ක ඉතිහාසය තුළ උෂ්ණාධිකම තාප තරංගයන් අත් විඳිමින් සිටියි. මේ වන විට චීනයේ නගර 165ක් වෙනුවෙන් උෂ්ණත්වය ඉහළ යාමේ රතු නිවේදන නිකුත් කර ඇත. එමෙන්ම ශැංහයි, යංගට්සු වැනි නගර රැසක නියඟයන් ඇතිවන බවට ද අනතුරු අඟවා ඇති බව චීන මාධ්‍ය නිවේදනය කර තිබේ.
සශිකලා මධුෂාණී-