×

ඉන්දියාවේ උමගක් කඩා වැටීමෙන් කම්කරුවන් 40 දෙනෙකු ජීවිතයත් මරණයත් අතර සටනක

ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතියි.


ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ මාර්ග ව්‍යාපෘතියක කොටසක් ලෙස ඉදිවෙමින් තිබූ සිල්ක්‍යාරා උමං මාර්ගය ඊයේ(12)දිනයේදී අර්ධ වශයෙන් කඩා වැටීම හේතුවෙන් එහි ඉදිකිරිම්හි නිරතව සිටි කම්කරුවන් 40 දෙනෙකු සිරව ඇති බව වාර්තා වේ.

උමග තුළ සිරවී සිටින සියලු දෙනා ජිවතුන් අතර සිටින අතර ඔවුන් රට පුරා සිටින සංක්‍රමණික කම්කරුවන් ය. ප්‍රාන්ත බලධාරීන් විසින් උමඟේ ඔක්සිජන් අවසන් වීමට පැය අටක් හෝ 10 ක් පමණ ඉතිරිව ඇති බව පවසන අතර ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි පැවසෙන්නේ,

මෙම උමග චාර් ඩෑම් මාර්ග ව්‍යාපෘතියේ කොටසක් වන අතර එය උත්තරකාන්ද් හි හිමාල කඳුකර ප්‍රදේශය හරහා සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන නිර්මාණය වුවකි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි