×

කාන්තා ලොක කුසලානය වෙනුවෙන් ලෝක ශූර එක්සත් ජනපදය එංගලන්තය හමුවේ පරාජය වේ.

තරඟාවලිය තුළ එංගලන්තය සහ එක්සත් ජනපදය ලිංගික අපයෝජනයට ගොදුරු වූවන් සමඟ සහයෝගීතාවයෙන් ටීල් අත් පටි පැළඳ සිටි අතර ඔවුන් ක්‍රීඩකයන් ආරක්ෂා කරන්න යනුවෙන් බැනරයක්ද ප්‍රදර්ශනය කිරීමටද ඔවුන් සමත් විය.


2023 කාන්තා ලෝක කුසලානය වෙනුවෙන් වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී පැවැති පූර්ව තරඟ වටයේදී ලෝක ශූර එක්සත් ජනපදය පරාජය කිරීමට ප්‍රබල එංගලන්ත කණ්ඩාම සමත්ව තිබේ. ඒ ගෝල 2-1ක් වශයෙනි. මෙය එක්සත් ජනපදය පරාජය කළ තුන්වන අවස්ථාව වන අතර 2017 මාර්තු මාසයේදී SheBelieves කුසලානයෙන් පසු පළමු ජයග්‍රහණයයි.

කණ්ඩායම් දෙක 2019 කාන්තා ලෝක කුසලාන අවසන් පූර්ව වටයේදී හමු වූ විට ඇමරිකාව 2-1කින් සිය ජයග්‍රහණය හිමිකර ගනු ලැබීය.


මෙහිදී ලෝරන් හෙම්ප් සහ ජෝර්ජියා ස්ටැන්වේ එක්සත් ජනපදයට එරෙහිව ගෝල ලබා ගැනීමට සමත් විය. එක්සත් ජනපදය වෙනුවෙන් සොෆියා ස්මිත්විසින් ගෝලයක් ලබා ගැනීමට සමත් විය. තරඟයේ 33වන මිනිත්තුවේදී නැවත තරඟය සම තත්වයකට ආ නමුත් වීඩියෝ සමාලෝචනයකින් පසුව එක්සත් ජනපදය වෙනුවෙන් ගෝලයක් ලබා ගත් ට්‍රිනිටි රොඩ්මන්ගේ පහර ඕෆ්සයිඩ් ලෙස බැහැර කරන ලදී.

තරඟාවලිය තුළ එංගලන්තය සහ එක්සත් ජනපදය ලිංගික අපයෝජනයට ගොදුරු වූවන් සමඟ සහයෝගීතාවයෙන් ටීල් අත් පටි පැළඳ සිටි අතර ඔවුන් ක්‍රීඩකයන් ආරක්ෂා කරන්න යනුවෙන් බැනරයක්ද ප්‍රදර්ශනය කිරීමටද ඔවුන් සමත් විය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි